
(අංජුල මහික වීරරත්න)
ජාතික හා අන්තර්ජාතික සහයෝගය ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සමාලෝචනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති හමුවේදී අමාත්‍යවරයා මේ බව කීය.
ලෝකයේ පිළිකා රෝගය පාලන සඳහා සේවා සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතන 10 ක් නියෝජනය වන පරිදි විශේෂඥයින් 19 දෙනකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙරටට පැමිණි දෙවන අවස්ථාව මෙය වේ.
මෙරටින් වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් හදුනා ගන්නා බවත්, ඉන් බහුතරයක් මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත් මෙහි දී අනාවරණය විය.
තව ද කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගනු ලබන බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජිවිත අහිමි වන බව ද මෙහි දී අනාවරණය විය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිළිකා නිසා වසරකට 19000ක් මිය යති
Nihal Tuesday, 01 April 2025 08:25 PM
එයින් විශාල ප්‍රමාණයක් කඩවලින් අජිනමොටෝ දාපු ආහාර ගත්තු ජනතාව සහ ටිපිටප් සහ පැණි බීම බීපු දරු දැරියන්.
Athula Wednesday, 02 April 2025 03:58 PM
නිහාල් හරි ඒ අතරේ ප්ලාස්ටික් ඇසුරුම් හා පොලිතින් යොදාගැනීම සිදුවෙනවා බයිට් වර්ග ආහාරයට ගැනිම වැඩිවෙලා තියෙනවා ඔය අතරේ ක්ෂනික නූඩ්ල්ස් වැනි ආහාරත් කුකුල්මස් වැනිදේත් හේතුවෙන්න පුළුවන්
උපාසක Tuesday, 01 April 2025 11:21 PM
සියළු සත්වයෝ සුවපත් වෙත්වා. නීරෝගී වෙත්වා.
de silva Wednesday, 02 April 2025 07:31 AM
බෙහෙත් නැතිකම සහ දොස්තරලා හිගය නිසා පිලිකා වලින් පමණක් නොව වෙනත් රෝගවලිනුත් විශාල සංඛ්‍යාවක් අකාලයේ මිය යනවා , පසුගිය රජයවල් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න හදනකොට ඒවාට විරුධව පාරට බැහැපු මිනිස්සු දැන් පාලකයෝ වෙලා , පහුගිය සහ දැනට සිටින පාලකයෝ මුදල් වියදම් කරනකොට ප්‍රමුකතාවය දෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි සුදු අලි නඩත්තු කරන්න මිසක් , අසරණ රෝගීන්ගේ ජිවිත බේරා ගන්න නොවේ , හැමදාම කෝප් කමිටුවේදී අනාවරණය වෙනවා දේශපාලකයෝ සහ නිලධාරී එකතුවෙලා බෙහෙත් වලින් ගසා කාපු ආකාරය , මිනීමරුවෝ සෙට් එක ටයි පටි පැළදගෙන කොර්ට් දමාගෙන කමිටුවේදී බබ්බු වගේ හැසිරෙන ආකාරය දැක්කම විශාල කේන්තියක් හිතට එන අය දමන්න ලයික් එකක්