
(අංජුල මහික වීරරත්න)
ජාතික හා අන්තර්ජාතික සහයෝගය ද ලබා ගනිමින් පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීමට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සමාලෝචනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති හමුවේදී අමාත්‍යවරයා මේ බව කීය.
ලෝකයේ පිළිකා රෝගය පාලන සඳහා සේවා සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතන 10 ක් නියෝජනය වන පරිදි විශේෂඥයින් 19 දෙනකුගෙන් යුත් මෙම විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙරටට පැමිණි දෙවන අවස්ථාව මෙය වේ.
මෙරටින් වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් හදුනා ගන්නා බවත්, ඉන් බහුතරයක් මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවත් මෙහි දී අනාවරණය විය.
තව ද කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගනු ලබන බවත්, පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට ආසන්න පිරිසකගේ ජිවිත අහිමි වන බව ද මෙහි දී අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයින් විශාල ප්‍රමාණයක් කඩවලින් අජිනමොටෝ දාපු ආහාර ගත්තු ජනතාව සහ ටිපිටප් සහ පැණි බීම බීපු දරු දැරියන්.
සියළු සත්වයෝ සුවපත් වෙත්වා. නීරෝගී වෙත්වා.
බෙහෙත් නැතිකම සහ දොස්තරලා හිගය නිසා පිලිකා වලින් පමණක් නොව වෙනත් රෝගවලිනුත් විශාල සංඛ්‍යාවක් අකාලයේ මිය යනවා , පසුගිය රජයවල් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න හදනකොට ඒවාට විරුධව පාරට බැහැපු මිනිස්සු දැන් පාලකයෝ වෙලා , පහුගිය සහ දැනට සිටින පාලකයෝ මුදල් වියදම් කරනකොට ප්‍රමුකතාවය දෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි සුදු අලි නඩත්තු කරන්න මිසක් , අසරණ රෝගීන්ගේ ජිවිත බේරා ගන්න නොවේ , හැමදාම කෝප් කමිටුවේදී අනාවරණය වෙනවා දේශපාලකයෝ සහ නිලධාරී එකතුවෙලා බෙහෙත් වලින් ගසා කාපු ආකාරය , මිනීමරුවෝ සෙට් එක ටයි පටි පැළදගෙන කොර්ට් දමාගෙන කමිටුවේදී බබ්බු වගේ හැසිරෙන ආකාරය දැක්කම විශාල කේන්තියක් හිතට එන අය දමන්න ලයික් එකක්