IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැහැදිලිව ටීවී බලන්න ජපානය එක්ක ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා  අකිඕ (Isomata Akio) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී.

කොළඹ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී මෙම ගිවිසුම අත්සන් කෙරිණි.

 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ,ජපාන ඉංජිනේරු උපදේශන සේවා ආයතනය වෙනුවෙන්  එහි කළමනාකරණ අධ්‍යක්ෂ   ගාකු අඩාචි (Gaku Adachi)  මහත්වරු ගිවිසුම නිල වශයෙන්  අත්සන් කළහ.

මෙම ඩිජිටල්කරණ  ක්‍රියාවලියෙන් භෞමික රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව  ලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් වසර 45 කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකිකයන් ඇනලොග් රූපවාහිනී සේවා ලබාගත් බවත්, අනාගතයේ ජනතාවට ඔවුන්ගේ රූපවාහිනී නැරඹුම් අත්දැකීම තුළ හැකි උපරිම ගුණාත්මක භාවයට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීමට කාලය වන බව පැවසීය.

 

 



අදහස් (5)

පැහැදිලිව ටීවී බලන්න ජපානය එක්ක ගිවිසුමක්

වින්සන්ට් කජ්ජා Friday, 04 April 2025 01:39 PM

සුපැහැදිලිව හොරු හිරේයනවා බලන්න පුළුවන් දැන්.

:       0       0

සෑම් Friday, 04 April 2025 01:53 PM

ඉතාමත් හොඳ වැඩක්. ලෝකේ බොහෝ දියුණු රටවල මීට දශකයකට පමණ පෙර තමයි ඇනලොග් විකාශන සම්පූර්ණයෙන්ම නතර කළේ... හැබැයි පුතෝ හැමදෙනාටම තමන්ගේ analog රූපවාහිනිය විසිකරලා ඩිජිටල් TV එකක් ගන්න වෙනවා...!

:       0       14

pakeer Friday, 04 April 2025 03:11 PM

1979 දී ජපානය තමයි උදව් කලේ ITN එක පටන් ගන්නත් NEC එක්ක එකතුවෙලා

:       0       12

Neel Friday, 04 April 2025 04:35 PM

මාලිමා ආන්ඩුව හැම විටම උත්සාහ කරන්නේ ජනතාවට හොද සේවයක් ලබාදීමටයි NPP එකට ජයවේවා...

:       0       0

Warnasinghe Friday, 04 April 2025 06:04 PM

වැඩක් නැහැ. හැම චැනල් එකකම එකම අච්චුව. උදේම කවුරු හරි ගෙන්වලා අලගිය, මුලගිය තැන් කයිවාරු ඊළඟට ඊයේ රෑ පෙන්වපු කසිකබල් නාට්‍ය පෙරහැර ඊළඟට තරගෙට ප්‍රවෘත්ති, ඊළඟට ආදිකාලේ සිංහල හෝ දමිල චිත්‍රපට ඊළඟට ඒ ඒ චැනල් වලටම ප්‍රවේණි උරුම ළමා කාටුන්... ඊට පසුව නැවත ප්‍රවෘත්ති... අනතුරුව දේශපාලන ගොන්පොර...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site