(අංජුල මහික වීරරත්න)
අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සියලු ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටී.
අවශ්‍යතා ඇති ජනතාවට සහන සැලසීමට කටයුතු කිරීමට පෙරට එන ලෙස පක්ෂ සාමාජිකයින්ට ආරාධනා කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
"ආපදා කළමනාකරණය සහ සහන සේවා සදහා වන රාජ්‍ය වැඩපිළිවෙළට උපරිම ලෙස සහාය වෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු මට්ටමේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
අනවශ්‍ය රෙගුලාසි වල හිර වෙලා මිනිස්සුන් අසරණ කරන්නේ නැතුව බිමේ යථාර්ථය තේරුම් අරගෙන සහන සේවා කඩිනම් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.මේ වෙලාවෙ මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුව කළ යුත්තේ ප්‍රායෝගික වීම මිස න්‍යායන් වල හිරවෙන එක නොවෙි" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොහොට්ටු ආසන සංවිධායකවරුන්ට නාමල්ගෙන් පණිවිඩයක්
C.K.Lankaputhra Friday, 28 November 2025 11:52 AM
උදව් කරන එක නම් හොඳයි, හැබැයි පුතෝ දෙයියන්යන නාමෙට සහන අරමුදල් මාටියා ගහන්න නම් ලෑස්ති වෙන්න නං එපා. දන්නවනෙ ඔහෙගෙ පියානෝ සුනාමි ආධාර වලට දුන්න ගේම. ඔහෙත් ඉතින් වෙන කවුරුවත් නෙමෙයි එයාගෙ පුතානෙ. නැද්ද මං ැහන්නෙ.
සුදා Friday, 28 November 2025 04:27 PM
බොර දියේ ප්‍රයෝජන !