(සිතුම් චතුරංග)
මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහ විද්‍යාලයේ ක්‍රීඩා තරඟයක් අතරතුර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් ඇතුළු 43 දෙනකු අද දහවල් රෝහල්ගත කොට ඇතැයි මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
විද්‍යාලයේ පැවති පළාත් ක්‍රීඩා තරඟයක් අතරතුර බඹරුන් සිටි කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් සිසුන් හා ගුරුවරුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇතැයිද පැවසීය.
මේ දිනවල පවතින දැඩි සුළං තත්වය හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇති අතර සිසුන් වෙත බඹරුන් දෂ්ඨ කිරිම හේතුවෙන් පාසල තුල දැඩි නොසන්සුන්කාරිතත්වයක් හටගෙන තිබුණි.
පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් සහ ප්‍රදේශවාසීන් දුම් සහිත පන්දම් රැගෙනවිත් දෂ්ඨ කිරීම හේතුවෙන් තුවාල ලබා සිටි ගුරුවරුන් සහ සිසු සිසුවියන් රෝහල් ගතකරනු ලැබීය.
පාසල තුල තිබෙන වෙනත් බඹර කූඩු ඉවත් කිරීම සඳහා මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය ,පොලිසිය සහ ප්‍රදේශවාසීන් කටයුතුකරනු ලැබීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පාසල් සිසුන්ට බඹර ප්‍රහාරයක්