
(ගයාන් සූරියආරච්චි)
සක්‍රීය සේවයේ යෙදී සිටියදී නිවාඩු ලබා සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සෙබළුන් 3504ක් ඉකුත් පෙබරවාරි 22 වැනිදා සිට ඊයේ 3 දක්වා මාස 4ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ෆ්රැන්ක්ලින් ජෝශප් මහතා පැවැසීය.
ඒ අනුව යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 2937 ක්, නාවික හමුදාවෙන් පලාගිය සෙබළුන් 289ක් සහ ගුවන් හමුදාවෙන් පලාගිය සෙබළුන් 278 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිවිධ හමුදාවලින් පලාගිය සෙබළුන්ට එම හමුදාවලට බාරවීම සදහා ඉකුත් වසරේ මැයි මස අග දක්වා පොදු සමාකාලයක් ලබාදී තිබුණි.
කෙසේ වෙතත් මෑත කාලීනව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සෙබළුන් සම්බන්ධවී ඇති බවට විමර්ශනවලදී අනාවරණයවීම හේතුවෙන් යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදා සහ පොලිසිය එම පලාගිය සෙබළුන් සම්බන්ධයෙන් වැටලීම් කර අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd