
(අංජුල මහික වීරරත්න)
පසුගිය කාලේ මොරටුවේ දියුණුව කෙසේ වෙතත් හිටපු නගරාධිපතිලාගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් නම් දියුණු වී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම් දී රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට අද ( 02) සහභාගී වෙමිනි.
ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ගැනීමෙන් පසුව මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස නිශාන්ත ප්‍රදිනාන්දු මහතා සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස ප්‍රභාෂීනී වික්‍රමසිංහ මහත්මිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර අභිනව නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම්දීම ද මෙහිදී සිදු විය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පසුගිය කාලෙ දියුණු වුණේ දේශපාලකයන්ගේ බැංකු ගිණුම්
යෝගා Monday, 02 June 2025 04:46 PM
ඔයාලා සල්ලි දීලා බාගත්ත ස්වාධීන මන්ත්‍රීලගේ බැංකු ගිණුම් වගේද?
පර්සි මරාMonday, 02 June 2025 07:33 PM
බයි දක්ෂකම් අහන් ඉන්න අමාරුයිද?
ගුණරත්න Monday, 02 June 2025 04:58 PM
දැන් කාලේ වෙනස් නේ, දැන් රටේ දියුණුවක් තියෙනවාද? අපට නම් පෙනෙන දේ එක තැන පල් වෙනවා කියලා, ගඳ වහගන්න ගිය ආණ්ඩුවට බැනලා හරි යන්නේ නැහැ, මිනිස්සුන්ට ඕනෑ වැඩ...
PGPTHILAK Monday, 02 June 2025 05:15 PM
ඇයි රජයේ දූෂිත නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ දේපළ ගැන කතා කරන්න බයද?
fairoosmr Monday, 02 June 2025 05:24 PM
යෝගාටයි, ගුණරත්නටයි තියෙන හදිස්සිය... දූෂණය, වංචාව නැතිවෙලා තියෙන්නේ... බයියෝ දැන් කෙඳිරි ගාණවා.
මාලිමාගැත්තා Monday, 02 June 2025 05:38 PM
රණවිරුවයි, ත්‍රස්තවාදියයි වෙන්කර ගන්න මූලික නෛතික සහ න්‍යායාත්මක පරිචය නැතිවුවද, කොට් කරේ තියන් දඟලන මෙවැනි ජාතකය පිළිබඳ යම් යම් ගැටළු ඇති උතුමන් ආපේ මාලිමාවේ එමටයි. මමද එවැනිම අවජාතක මාලිමා ගැත්තෙක්මි. එබැවින් මෙයාලා පෙන්වන සුදු අලි බලබලා විසිල් ගසමි. අනුනට පරුෂ වචනයෙන් ගරහමි. රටට දැයට ආදරය ඇති යමෙක් වේද ඔවුන්ට බයියෝ යැයි කියමි. ඒ මගේ හැටිය. මාලිමාවේ නම් අසූචිත් මට සුවඳයි...
Dr Tissa Fernando Monday, 02 June 2025 06:01 PM
මෙතැන වැඩිපුර කෑගහන්නේ හත්පොලේ ගාගෙන දඟලන පරාජිතයෝ.