
(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.
ලබන අප්‍රේල් 21 වැනිදාට නැවත පාස්කු ප්‍රහාරය සිහිපත් වන බව කී ජනාධිපතිවරයා එදිනට පෙර ඊට වගකිව යුත්තන් හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බව සඳහන් කළේය.
වංචා දූෂණ පරීක්ෂණ මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉතා විධිමත්ව දියත් වෙමින් තිබෙන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.
වංචා දූෂණ අපරාධ ආදියට සම්බන්ධ හිටපු ඇමතිවරුන් තුන්දෙනකු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර ඉදිරියේදී එවැනි තවත් ගොඩක් ප්‍රවෘත්ති ජනතාවට දැන ගැනීමට ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කීය.
පාර්ලිමේන්තුවේ හිටපු අය ගැන ලැයිස්තු ගණනාවක් ඉදිරි දිනවලදී දැනගැනීමට ලැබෙනු ඇතැයි කී ජනාධිපතිවරයා ජාතික ජන බලවේග රජය මහජන දේපොළ නාස්ති කරන සංස්කෘතියට තිත තබා තිබෙන බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය වෙනුවෙන් දෙයියන්දර පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කිව්වෙ "සිත නිවන කතා " දැන් අප කියන්නේ " ජන්ද හිඟන කතා " කියලා .
බයිලා තමයි... ශානි ආරක්ෂා කරගෙන, වෙනත් දේශපාලන පලිගැනීමකට තමයි ඔයා සරසන්නේ. මෙවර පළාත් පාලන චන්දේ ජනතාවට තිරණාත්මක එකක්... යුද්ධය දිනාපු හමුදාප්‍රධානින් බේරගැනීම ජනතාවගේ වගකීමක්.
බුහ හ හ, අපි කවුරුත් දන්නවා ඕකට වගකිවයුතු මරාගෙන මැරුණු කාලකන්නි ත්‍රස්තවාදීන් කියල. මට තේරෙන්නේ නැත්තේ ඇතැම් පිරිස් කොහොමද මේක වෙනස් විදියකට දකින්නේ කියල. සල්ලි දීලා මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරවන්න කාටවත් බැහැ, මොකද මළොත් සල්ලි මොනවා කරන්නද? ඉතින් එහෙම කරන්න පුළුවන් උපරිම මොළ සේදීමක් කරලා විතරයි, ආගමික අන්තවාදීන් එහෙම කරනවා, කොටි ත්‍රස්තවාදීන් එහෙම කළා.
පෙම්ලොවෙදී දුටු ඔහුමද මේ .ඔබටද මා අන්ද උනේ
ගෝටාට මෙට්ටයක් ඕන වෙයිද….? චාමරයගේ පැදුරේ අයිනක් දෙනවාද…..?
නැගිටපල්ලා නැගිටපල්ලා, සැවොම බලා සිටි පුනරුදය ඇවිල්ලා... සොරුන් අල්ලා ගෙලෙන් සොලවා, දමයි දඟගෙයි චන්දයට පසුදා...
රටක ජනාධිපතිවරයකු දේශපාලන, මැතිවරණ වෙදිකා වලදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සදාචාරාත්මකද, නීත්‍යානුකූලද කියා මගේ ආච්චි සීයාගෙන් අහනවා. කූල් රූම් එකට පිංසිදු වෙන්න කළු කබායට රිංගා ගත් අර මැදමුලන නාමල් නාම්බා වගේම මටත් නීතිය පිළිබඳව දැනුමක් නැති නිසා, මෙම ප්‍රශ්නයට පිළිතුරක් දන්න කෙනෙක් ඉන්නවනම්, කරුණාකර පොඩි කොමෙන්ට් එකක් දාන්න... ස්තූතියි !!!
අම්මෝ උදේට දැක්කොත් කැදත් නෑ
ශ්‍රීලංකා අපිට ඕවා වැඩක්ම ඇති කතා නෙමෙයි. ඔය වැඩ පොලිසියටය්, අපරාධ අංශයටයි බාරදෙන්න. ඔබතුමාගේ කාරිය හරියට කොරන්න.
මේක කරේ අර ගෙවල් සහ දේපොල ගිනිතියාපු මොංගල් සංවිධානයේ සෙට් එක.
ගුණරත්න…. පාස්කු මහ මොළකරුවන් කලේ පල්ලමේ නවත්වලා තිබ්බ කාර් එකක බ්‍රේක් බුරුල් කරලා මාරුවුණා වගේ වැඩක්… ඔහේ හිතනවාද බෝම්බ බැඳගෙන ගියේ සලේයි, ගෝඨාභයයි කියලා අපි හිතනවා කියලා…?
නන්දන මිලානෝ සමහර ජෙප්පෝ එච්චරටම මෝඩයි
කයියනායක කියන්නේ එකනේ.. පේනවානේ මූන දැක්කාම