
(යොහාන් භාසුර)
කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ 6 වැනි සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැවසීය.
කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරෙන් පෙරවරු 7.00 ට ඇරඹෙන යැදුම් පාගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත ගමන් කරයි.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා, සර්ව ආගමික නායකයින්, තානාපතිවරු සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ සහභාගීත්වයෙන් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැමරුම පෙරවරු 8.30 සිට පෙරවරු 10.30 දක්වා පැවැත්වේ.
එම සැමරුමට සමගාමීව පෙරවරු 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2 ක නිශ්ශබ්ධතාවය රැකීමට නියමිතය.
මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී මැක්ස්වෙල් සිල්වා සහ ජේ. ඩී. ඇන්තනි යන හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 8.15 සිට දේවමෙහෙය පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍ර්‍රහාරයෙ වින්දතයන්නට, මේ රජය යටතේ වත් සාධාරණයක් ඉටුවෙවි කියා, අපි බලාපොරොත්තු තියගෙන ඉන්නේ .
පාස්කු ප්‍රහාරේ හෙන ඉල්ලමක් වුනා පල්ලියේ පූජකවරුන්ට. දේශපාලුවන්ට කිව්වම උඹලා පාස්කු ප්‍රහාරේ එලියට ගන්නව කියලා පල්ලිය වෙනුවෙන් ඕනම දෙයක් කරල දෙනවා දේශපාලුවා. දඩයම කරේ තියාගෙන යන්නේ කවුද කියලා දැන් පේනවා. ඊබ්‍රහිම් හොඳ මිනිහලුනේ නේ.
කවුද කිව්වා මතකයි මහමොලකරුවෙක් ගැන. තවත් එක ටොම් පචයක්
ගරු කතෘතුමෙනි, සැමරුම යන වචනය මේ අවස්ථාවට එතරම් උචිතයැයි නොහැඟේ. සැමරුම යන්න සතුටු සහගත දෙයක් ස්මරණය කිරිම වෙනුවෙන් යෙදිම උචිත මුත් මෙහි වන්නේ ශෝකාකූල අනුස්මරණයකි. ත්‍රස්තවාදින් හට සිය ප්‍රහාරය සාරථක වුවා යැයි සැමරිය හැක. වින්දිතයන්ට හැකිවන්නේ සිය ඥාතීන් අනුස්මරණය කිරිමටය. ඔවුන්ට සැමරිය හැකි දෙයක් නැත. ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා.