IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය වෙයි

(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත වර්තමාන සමාජ හා සංස්කෘතික ප්‍රවණතා පිළිබිඹු වන පරිදි යාවත්කාලීන වී නොමැත.

 වර්තමානයේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ පුවත්පත හා ගුවන් විදුලියට අමතරව රූපවාහිනිය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඉතා වේගයෙන් ජනතාව අතර ව්‍යාප්ත වී ඇති අතර, එමඟින් ජන ජීවිතය වෙත ප්‍රබල බලපෑම් එල්ල වී ඇත. 

ඒ අනුව, යම් පුවත්පත් වාර්තාවක් යම් විද්‍යුත් මාධ්‍යයක් මඟින් විකාශනය හා ප්‍රචාරය කිරීමෙන් පසු එම වාර්තාව සම්බන්ධව පුවත්පත් මණ්ඩලය මඟින් විභාගයක් පැවැත් වූ අවස්ථාවේදී එම විභාගයේ ප්‍රතිඵලයක් වශයෙන් තීරණය කරන ලද නිවැරදි කිරීම / එකඟතාව / නියෝගය ද මුල් වාර්තා විකාශය හා ප්‍රචාරය කරන ලද විද්‍යුත් මාධ්‍ය විසින් විකාශය හා ප්‍රචාරය කළ යුතු වීම සහ මුද්‍රිත පුවත්පත්වල / සඟරාවල විද්‍යුත් ප්‍රකාශනයන් හෝ මුද්‍රිත පුවත්පත් ස්වරූපයෙන් පළ කරනු ලබන විද්‍යුත් පුවත්පත් ලහෝ සඟරා ලියාපදිංචි කිරිම සහ ඒවා සම්බන්ධයෙන් පැමිණිලි විභාග කිරීම යන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් විධි විධාන ඇතුළත් කරමින් 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site