IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොල් පොහොර සහනාධාරය අනිද්දා සිට

(අංජුල මහික වීරරත්න)

පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන "කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්" යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම  මාර්තු 30 වැනිදා සිට අරඹන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. 

රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම මේ වන විට කටයුතු කරමින් පවතින බව අමාත්‍යාංශය පවසයි.

මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින්  සිදු කරමින් පවතී.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ වෙළෙඳපලේ රුපියල් 9,000කට මිලදී ගන්නා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 4,000 ක සහන මිලකට ලබාදීමේ කටයුතු මේ මස 30 සිට වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, පොල් වගාකිරිමේ මණ්ඩලයේ හඳපානාගල පොල් පැල තවානේදි සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බවයි.

මෙහිදි අක්කර 5ට අඩු අක්කර 1/4ට වැඩි පොල් වගාභූමි අක්කර 350,000 ක් ඇති බවට තොරතුරු පවතින බවත් පැවසු අමාත්‍යවරයා මෙමගින් විශාල පොල් වගා කරුවන් පිරිසකට ප්‍රතිලාභ හිමිවන බවද අවධාරණය කළේය. 

රුපියල් මිලියන 5,600ක ආයෝජනයක් මත මෙම පොහොර සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මෙම පොල් පොහොර භාවිතා කොට රටේ පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරිම අරමුණ බවත් මෙම පොහොර යෙදිමෙන් වසර 1 ½ කට පසු අස්වැන්න වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

පොල් වගාකරුවන් මෙම සහනාධාරය ලබා ගැනීමට පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් සකස් කළ ඉල්ලුම් පත්‍රය පුරවා අදාල බලයලත් ආයතන වෙත ඉදිරිපත් කළ යුතුය. ඉල්ලුම් පත්‍රය පොල් වගා කිරිමේ මණ්ඩලයේ https://coconutsrilanka.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව අමාත්‍යංශය කියයි.



අදහස් (3)

පොල් පොහොර සහනාධාරය අනිද්දා සිට

ගුණරත්න Friday, 28 March 2025 01:47 PM

ඔය පරිත්‍යාග විදියට ලැබෙන පොහොර කුණු පොහොර වෙන්න බැරි කමක් නැහැ. බොහෝ විට බැර ලෝහ මිශ්‍ර වෙලා ඇති.

:       8       4

කව්ද බෝයි Friday, 28 March 2025 03:12 PM

සහතික ඇත්ත. පරිත්‍යාග ලෙස ලැබෙන ඒවා ඔක්කොම කුණු පොහොර. හැබැයි, ඩොලර් මිලියන 6.9ක් ජනතාවගේ බදුමුදල් ගෙවලා ගන්න ඒවා අසුචි පොහොර. අද වෙනකං අසුචි ගෙන්නපු එකෙකුත් නෑ...අසුචි ටිකත් නෑ...

:       3       16

Mangala Friday, 28 March 2025 03:16 PM

එතකොට අක්කර 5ට වැඩි පොල් වතු? ඒවා පොල් වතු නෙවෙයිද? ඒවල තියෙන්නේ පොල් ගස් නෙවෙයිද?

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site