(ගයාන් සූරිය ආරච්චි)
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන් එම මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ විමර්ශන සිදු කිරීමේදී ඔහු බීමතින් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී ඇත.
එම අනතුර සිදුවන විට නියෝජ්‍ය පොලිස්පතිවරයා මෝටර් රථයේ සිට නොමැති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කුරුඳු වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd