(රෝෂන් තුෂාර)
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩල කමිටුවකින් නැවත පශ්චාද් මරණ පරික්ෂණයක් සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා රහස් පොලිසියට අද(17) අවසර ලබා දුන්නේය.
රහස් පොලිසිය මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න , කරාපිටිය රෝහලේ වෛද්‍ය පි.අර් රුවන්පුර සහ උවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහචාර්ය මුදිත විදාන පතිරණ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයට අදාල පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන ලෙසට නොතීසීද නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කළ රහස් පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ බදුල්ල මීගහකිවුල පදිංචි නිමේෂ් නමැති තරුණයා පසුගිය අප්‍රේල් 01දින වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වද හිංසාවට ලක්ව මියගොස් ඇති බවට ඔහුගේ මව වන ලේකම්වසම් ලියනගේ සමන්ති යන අය විසින් දිවුරුම් පෙත්සමක් ද ඉදිරිපත් කරමින් කරන ලද පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ බවය.
එම විමර්ශනය අනුව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 09 වෙනි දින නියෝගයක් ලබා දුන් බවත් එම නියෝගය ප්‍රකාරව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්,ඊට අදාළ අවසරය හා නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
අධිකරණ නියෝග පරිදි පත් කළ විශේෂ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයේ නම් හා තනතුර ද අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෘත ශරීරය නැවත ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවසර ලබා දුන් අතර මෘත දේහය ගොඩ ගැනීම බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කරන ලෙසටද නියෝග කළේය.
අදාල වෛද්‍ය පරීක්ෂණය සිදු කරන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නොතීසිද නිකුත් කළේය.
විමර්ශන ප්‍රගතිය අප්‍රේල් 30 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලීසියට නියෝග කළේය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොලිසියේදී මියගිය තරුණයාගේ සිරුර 23 ගොඩ ගනියි
Saman Thursday, 17 April 2025 08:59 PM
මේකනම් හරිම අපරාධයක්... පවු මේ කොල්ලා.