IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෑලියගොඩ මාළු සේවකයාගේ ඝාතකයන් අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසලේ සේවකයකු වෙඩි තබා ඝාතනයට   වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් ගැලවී ගිය ප්ලාස්ටික් කැබැල්ලක් ඔස්සේ කළ විමර්ශනවලදී එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු සහ මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13, කොළඹ 15 සහ දෙමටගොඩ ප්‍ර දේශවල පදිංචි 21, 42 සහ 45 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකි.

එම ඝාතනයට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු එම ඝාතනයට දින කීපයකට පෙර විදේශ රටක සිට පැමිණ එම පුද්ගලයා ඝාතනය කිරීමෙන් අනතුරුව මෝටර් රථය වත්තල ප්‍රදේශයේ දමාගොස් එදිනම විදේශගතවී ඇති බව පොලිසිය පවසයි.

එම මෝටර් රථයේ තිබී හිස් උණ්ඩ කොපු 10 ක් පමණ පොලිසිය සොයාගෙන තිබුණි.

එම වෙඩි තැබීමෙන් මෝදර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අප්පන් ප්‍රභූ නැමැත්තකු මියගොස් තිබුණි.

කැලණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීම පරිදි පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක අසේල කළුවිතාරණ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂ ජයලත් බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක විමුක්ති ජයසිංහ, උප පොලිස් පරීක්ෂක මිගාර මායාදුන්න, සැරයන් එස්.කේ.එම්. අනුරාධ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (2)

පෑලියගොඩ මාළු සේවකයාගේ ඝාතකයන් අල්ලයි

maalaka Monday, 08 September 2025 06:10 AM

දේශපාලන අතපෙවීම් නැත්නම්, අඩු පහසුකම් මත උවත් අපේ පොලීසිය දක්ෂයි. මේ අයට අවශ්‍ය මානසික නිදහස ආම්පන්න පුහුණුව දුන්නොත් ලොකයේ පිළිගත් තත්ත්වයට එන්න පුළුවන්.

:       0       5

සෙනෙවිරත්න Monday, 08 September 2025 02:20 PM

පැනපු එකා හරි, මෙහෙ ඉන්න උන් කාපන් පරිප්පු,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site