IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ප්‍රා.ලේ කොට්ඨාස 50 කට නාය අනතුරු


(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 50ක්  සඳහා  නායයෑමේ  පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  පියවර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, ඉංගිරිය, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කොටපොල, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර,  කෑගල්ල දිස්ත්‍රික්කයේ  මාවනැල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, ඇලපාත, රත්නපුර, අයගම, බලන්ගොඩ, කලවාන, ඉඹුල්පෙ, කහවත්ත, නිවිතිගල    යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන  මට්ටමේ අවදානමෙන්  සිටින ලෙස දැනුම්දීමේ නිවේදන  නිකුත් කර තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දකැටිය, හල්දුම්මුල්ල, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හම්බන්තොට  දිස්ත්‍රික්කයේ කටුවාන, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ,  මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලය, උඩුනුවර, උඩ පලාත, තුම්පනේ, පාතහේවාහැට, උඩදුම්බර, ගග ඉහල කෝරලය, පස්බාගේ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, රුවන්වැල්ල,  දැරණියගල, යටියන්තොට, ගලිගමුව, අරණායක, කෑගල්ල, වරකාපොල, මාතර  දිස්ත්‍රික්කයේ පස්ගොඩ,  නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව,  කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇඹිලිපිටිය, ඔීපනායක, වැලිගෙපොල සහ කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. 

හෙට (23) පස්වරු 2.30 දක්වා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන වලංගු වන බවත්, මෙම නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (1)

ප්‍රා.ලේ කොට්ඨාස 50 කට නාය අනතුරු

Kapila Saturday, 22 November 2025 11:16 PM

මහ එකාගේ ඉදලා පොඩි එකා දක්වා ගල් පැලෙන බොරු කියද්දී රටට ඔහොම නරක දේවල් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 234 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site