(අංජුල මහික වීරරත්න)
කොළඹ 03, කොල්ලුපිටියේ පෙරහර මාවතෙහි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රූඩ් 02 පර්වස් 23.1 ක් වූ මෙම ඉඩම් කොටස නේවාසික ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගනු ලැබ තිබූ ආයෝජකයකු වෙත බැහැර කිරීම පිණිස 2024-09-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත
. එකී ආයෝජකයා විසින් අදාළ පැවරුම් කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම බදු දීම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කර තිබේ. එසේම, සුදුසු සංවර්ධන කාර්යයක් සඳහා එම ඉඩම බැහැර කිරීම පිණිස නැවත ආයෝජන යෝජනා කැඳවීම සඳහා 2025-09-04 දින පැවති නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
එමෙන්ම, නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් බැහැර කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව විසින් නේවාසික කටයුතු සඳහා ඉඩමෙන් උපරිම වශයෙන් 50%ක් යොදා ගත හැකිය යන කොන්දේසියට යටත්ව, හෝටල් හෝ වාණිජ කටයුතු සඳහා අදාළ ඉඩම යොදා ගැනීම වෙනුවෙන් ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව අදාළ ඉඩම් කොටස 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය යටතේ යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙරහර මාවතේ ආණ්ඩුවේ ඉඩම 99 අවුරුදු බද්දට
wanniarachchi Friday, 12 December 2025 11:03 AM
පහුගිය කාලේ කයිතන් මැරෙන්න හැදුවා නේද? රජයේ දේපල විකුණාගෙන කනවා කියලා. දැන් හොඳයිද? ලොකු දෙයක් ඔය සුදුඅලි ටික දැන්වත් දීලා දානවා නම්..
ගුණරත්න Friday, 12 December 2025 02:34 PM
ඒ කාලේ තමයි කාලේ, කයියා පොළවේ හැපි හැපී කිව්වා. මේවා ඒ ගොල්ලන්ගේ ආණ්ඩු කාලේ කරන්නේ නෑ කියලා. 99 අවුරුදු බද්දක් කියන්නේ පවරා දුන්නා හා සමානයි කියලා... ඒ කාලේ කිව්වා...
Chandana Saturday, 13 December 2025 04:20 AM
කුහකයෝ දෙන්නෙක් ගුණරත්න සහ වන්නි ආරච්චි.