IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ප්‍රංශය ඇමරිකාවේ පැවැත් වූ උත්සවයකට ජනපතිත් යයි

(අංජුල මහික වීරරත්න)

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුමට අදාළ (BBNJ) සාමාජිකත්වයට, රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් සංවිධානය කළ උත්සවයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් නිව්යෝර්ක් නුවරදී මෙම උත්සවය පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උත්සවයට සහභාගී වූයේ මෙම ගිවිසුමට එළැඹි සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි.

එම ගිවිසුමට එළැඹි 58 වන සාමාජික රට ලෙස, ශ්‍රී ලංකාව 2025 සැප්තැම්බර් 16 වන දින ඊට එළැඹුණු අතර, එමඟින් එම සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් බවට පත් විය.

දශක දෙකක සාකච්ඡා වලින් පසු, ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම (BBNJ) ලෙස හැඳින්වෙන මෙම ගිවිසුමට මේ වන විට රටවල් 60ක් අත්සන් තබා ඇත.

ලෝකයේ සාගර වලින් 2/3ක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශ වලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ. එම ගිවිසුම 2026 ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වේ.



අදහස් (3)

ප්‍රංශය ඇමරිකාවේ පැවැත් වූ උත්සවයකට ජනපතිත් යයි

Prabath Saturday, 27 September 2025 12:00 PM

මාර පිම්බීමක්නේ ඒක...

:       0       2

ගුණරත්න Saturday, 27 September 2025 12:02 PM

මරී අන්තුවානෙත් කියන්නේ ඉස්සර හිටි ප්‍රංශ රැජිනක්, බදු බරෙන් පීඩිත වෙලා කන්න නැතිව මිනිස්සු උද්ගෝෂණය කරනකොට රැජිණිය කියුවා පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා. ඔය පාන් කතාව ඇමති කෙනෙකුත් කියුවා නේද කියල මතක් වුණා. අපිට පාන්ද? කළිඳුට පාන්ද?

:       11       2

Upali Saturday, 27 September 2025 04:42 PM

දෙන්නාගේම එක සමාන කමක් තියෙනවා. කාටද කියන්න පුළුවන්...? වයස කියන්නේ ඉලක්කමක් විතරයි බන්...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site