
(අංජුල මහික වීරරත්න)
මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කරමින්, මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අද (12) ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.
ප්‍රවාහන ක්ෂේත්රයේ පුනරුදයක් වෙනුවෙන් ආර්ථික තරඟකාරිත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාවය සහ ප්‍රවේශය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන කුළුණු 05 යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙන උපායමාර්ගික සැලැස්ම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා වැඩ පිළිවෙළක්,රටක දියුණුව රදා පවතින වැදගත්ම කුලුණ තමා ප්‍රවාහනය.එය දියුණු කලොත් ඊළගට කල යුතු දේ හරිම ලේසියි.දුම්රියක ,බස් රථයක ගමන් කළ අයෙක් පමණයි ඒකේ දුක දන්නේ.අපිට ඉන්නේ ඒ දුක දන්න සැබෑ නායකයෙක්.ඔබතුමා අතගහපු වැඩේ බොහොම පිං ඇති වැඩක්.මම අවුරැදු 25 ක් දිනපතා දුමිරියෙන් හික්කඩුවේ සිට කොළඹට හිටගෙන ගියපු කෙනෙක්.අපි හැම මෙයට සහයෝගය දෙමු.මේ සැරේ මග හැරැනොත් දරැවන්ට පසුතැවෙන්න වෙයි.
මහජනතාවට මේ තරමට ආදරය කරන, ඔවුන්ට හොඳ සේවයක් සැලසන්නට වෙහෙසෙන ඔබ වැනි රාජ්‍ය නායකයෙක් අපට ලැබෙන්න අපි ගොඩක් පින් කරලා තියෙනවා. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
ඔන්න එක හෙලිකොප්ටරයකින් අනිත් එකට පයින ක්‍රමය හොයාගෙන වෙන්ඩ ඇති. මාරයි.