IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පාර්ලිමේන්තුවට නව ආංශික කාරක සභා 7ක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සියලු අමාත්‍යාංශවල කටයුතු සොයා බැලීමට දසවැනි පාර්ලිමේන්තුවේ  ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙම කාරක සභාව හතෙන්  තුනක  සභාපති ධුර  විපක්ෂයටත් හතරක  සභාපති ධුර ආණ්ඩු පක්ෂයටත් ලබාදීමට   එහිදී  එකඟත්වය පළවී ඇත.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා  රැස්වීමේදී මේ තීරණය ගෙන  ඇත.

ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙම  ආංශික අධීක්ෂණ කාරක සභා 7   පිහිටවනු ලැබේ 

තවද ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන  මහත්වරුන්    කර ඇති ඉල්ලීමටද කාරක සභාවේ අනුමතිය හිමිවිය.



අදහස් (1)

පාර්ලිමේන්තුවට නව ආංශික කාරක සභා 7ක්

Asela Monday, 03 March 2025 05:29 PM

ලලිත් ඇතුලත්මුලි වරක් පැවසුවේ තමාට නිල නාමයක් පමණක් ඇති නමුත් අමාත්‍යවරයෙකු ලෙස අධිකාරියක් නොමැති බවයි. ඒ හා සමානව, මෙම පාර්ලිමේන්තු කමිටුවට දත් නොමැති නම්, එය බුරනවා පමණක් කළ හැකි නමුත් හපන්නේ නැත. එබැවින් කිසිවෙකු ගණන් ගන්නේ නැත. CORP හි අපි කුමන ආකාරයේ ටෙලිනාට්‍යයක් කරනවාදැයි බලන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site