(ජී.ජී.එම්. රත්නායක)
මව විදේශගතව සිටියදී පියාගෙන් වන වධහිසා ඉවසාගත නොහැකිව කැලෑවැදී සිටි 14 වියැති පාසල් දියණියක පොලිස් නිල සුනඛයින්ගේ ද සහාය ඇතිව දැඩි වෙහෙසක් දරා සොයා ගත්බව හතරලියද්ද පොලීසිය පැවසීය.
එම පොලිස් බල ප්‍රදේශයට අයත් කහපත්වල ගෝනතැන්න ප්‍රෙද්ශයේ 36 හැවිරිදි පියා සමඟ 14 වියැති සහ 8 හැවිරිදි දියණියන් දෙදෙනා ජීවත්ව සිටින බවත් පියාගෙන් වන වද හිංසා හේතුවෙන් වැඩිමහල් දියණිය පාසල් රැගෙන යන බැගයේ ඇයගේ ඇදුම් පැලදුම් දමාගෙන ඉකුත් 16 වැනිදා පෙරවරුවෙ නිවසින් පිටව ගොස් ඇති බවත් පොලිසිය කීය.
පාසල් ගිය දියණිය සවස් වන තෙක් නිවසට නොපැමිණි බව දන්වා පියා හතරයලියද්ද පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවත් වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඇය සොයා යද්දී නිවස අසල පිහිටි පාළු නිවසක රැදී සිට ඇදිරි වැටුණු පසු යාබද කැලෑවකට ගොස් දවස පුරාම නිරාහාරව සිටි හෙයින් ගසක් මුල වැතිර නිදා සිටියදී සොයා ගත් බවත් පොලීසිය සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පියාගේ දස වධ නොඉවසා දැරියක් කැලේ පැනලා