IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


’’පිනකල් ’’ සම්මාන උලළේ දී ලංකාදීපය බැබළෙයි

 

(හොඳම පුවත්පතට හිමි සම්මානය: නියෝජ්‍ය කර්තෘ දමින්ද විජේසූරිය මහතා ලබා ගනිමින්...)


(මනීෂා වීරසිංහ)

ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති "පිනකල් ශ්‍රී ලංකා 2024" සම්මාන උළලේ දී ලංකාදීප පුවත්පතට සම්මාන හතක් පිරිනැමිණ.

හොඳම පුවත්පත් සන්නාමයට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි වූ අතර ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ දමින්ද විජේසූරිය මහතා එම සම්මානය ලබා ගත්තේය.

හොඳම සති අග පුවත්පත ලෙස ඉරිදා ලංකාදීප පුවත්පත සම්මානයට පාත්‍ර වූ අතර නියෝජ්‍ය කර්තෘ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා එම සම්මානය ලබා ගත්තේය.

පුවත්පතක හොඳම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා වෙනුවෙන් පිරිනැමෙන සම්මානය  ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතා විසින් හිමිකර ගනු ලැබීය.

හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීප වෙබ් අඩවියට හිමි වූ අතර වෙබ් කර්තෘ, ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති නියෝජ්‍ය කර්තෘ අරුණ ශාන්ත කුමාර මහතා විසින් එම සම්මානය ලබාගනු ලැබීය.

පුවත්පතක හොඳම කතුවැකියට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි වූ අතර ප්‍රධාන සම උප කර්තෘ සුගත් රබෙල් මහතා විසින් එම සම්මානය හිමිකරගනු ලැබීය.

පුවත්පතක හොඳම කලා පිටුවට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි වූ අතර ලංකාදීප පුවත්පතේ විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් මහතා විසින් එම සම්මානය ලබාගනු ලැබීය.

පුවත්පතක හොඳම කාටුන් ශිල්පියාට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි වූ අතර ලංකාදීප පුවත්පතේ කාටූන් ශිල්පී දාස හපුවලාන  විසින් හිමිකර ගනු ලැබීය.

එම්.යු.ජී.පී. ඉන්ටර්නැෂනල් ඕගනයිශේෂන් ජාත්‍යන්තර සංවිධානය සිව්වන වරටත් සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණ.

විශිෂ්ට කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ හොඳම ව්‍යාපාරිකයින් ඇඟයීම අරමුණු කරගනිමින් මහජන සමීක්ෂණයක් පවත්වා ඉන් ලද ප්‍රතිඵල මත පදනම්ව සම්මානලාභීන් තෝරාපත් කර ගැනිණ. 2024 සම්මාන උළලේ දී කලා සහ මාධ්‍ය සම්මාන 100ක් සහ සෙසු සම්මාන 200ක් පිරිනැමිණ.

මෙවර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු කථානායකවරයකු වන  කරූ ජයසූරිය මහතා සහභාගී විය. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

(හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය: වෙබ් කර්තෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති නියෝජ්‍ය කර්තෘ අරුණ ශාන්ත කුමාර මහතා ලබා ගනිමින්...)


(පුවත්පතක හොඳම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයාට හිමි සම්මානය: ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතා ලබා ගනිමින්...)


(හොඳම සති අග පුවත්පත හිමි සම්මානය: නියෝජ්‍ය කර්තෘ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා ලබා ගනිමින්...)


(පුවත්පතක හොඳම කතුවැකියට හිමි සම්මානය: ප්‍රධාන සම උප කර්තෘ සුගත් රබෙල් මහතා ලබා ගනිමින්...)


(පුවත්පතක හොඳම කලා පිටුවට හිමි සම්මානය: විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් මහතා ලබා ගනිමින්...)


(පුවත්පතක හොඳම කාටුන් ශිල්පියාට හිමි සම්මානය: ලංකාදීප පුවත්පතේ කාටූන් ශිල්පී දාස හපුවලාන ලබා ගනිමින්...)



අදහස් (1)

’’පිනකල් ’’ සම්මාන උලළේ දී ලංකාදීපය බැබළෙයි

කමල් පෙරේරා Tuesday, 07 January 2025 12:17 AM

පල්ලිය බෑබෙලෙන කාලයක් මේක… අද ඈමරිකාව නිරාගමික බවෙන් ආගමික බවට හෑරෙන්න ඔන්න මෙන්න… ඔව් දියුනුයි ඒත් ආගමිකයි… ජාතිකත්වය ඉහලින්මයි….

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site