
(කේ. බුද්ධික කුමාරසිරි)
ආබාධිත පුද්ගලයන් සඳහා පතුල් පහල ප්‍රමුඛතා බස්රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම අද ( 21) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්රමුඛ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.
‘සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්’ යන රජයේ දැක්ම අනුව ආරම්භ කළ මෙමෙ වැඩසටහන සඳහා රුපියල් මිලියන 430.7 මූල්‍ය ප්‍රතිපාධන යොදාගෙන ඇති අතර මෙය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ක්‍රියාත්මක වන තවත් සුවිශේෂි ව්‍යාපෘතියක් වේ.
මෙම බස් සේවාව මාකුඹුර සිට කොළඹට බස් නැවකුම් 07 කට පමණක් සීමා කර ඇත.
එම බස් රථ වල ගමන් කිරීම සදහා ජංගම දුරකතන මෘදුකාංගයක් හදුන්වාදීම ද මෙහිදී සිදු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි. පානදුර සිට ගෝල් පේස් දක්වා මෙවැනි බස් යෙදවීම මගින් අධික වාහන තදබදය අඩුවනු ඇති වැරදි කරන ප්‍රයිවට් බස් ලයිෆ් ටයිම් බෑන් කළහැකි නීතයක් උවමනායි
උත්සව කාලෙට වරකාපොළ නගරයේ විශාල වාහන තදබදයක් තියනවා, අනේ පොලීසිය ඒක නැති කරලා දෙන්න.