
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එදා අළුගෝසුවන් ලෙස කටයුතු කළේ පුතානෝලගේ පියානෝලා බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔවුන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දවසින් දවස නැති කළා.අපේ රට විනාශ කළේ 1983 කළු ජූලිය. ඒ සමග ජවිපෙ ඇතුළු පක්ෂ තහනම් කළා.ජේ.ආර්, ප්‍රේමදාස, රනිල් ආණ්ඩුව ක්‍රියා කළේ මෙහෙම තමයි.ශිෂ්‍ය සංගම් තහනම් කළා.බටලන්දට පසුබිම මේවා තමයි.එදා කොළ කොටි කිව්වේ කාටද? ඒ කාලෙ හිටපු ඇමතිවරුන්ට .ඔවුන්ගේ බොඩි ගාඩ්ලට යනුවෙන්ද බටලන්ද විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ.වි.පෙ. ආයුධ අරගෙන රටපුරා නටපු නාඩගම් අමතක නම් , මතක් කරලා දෙන්න පුලුවන් . ඝාතන රැල්ල පටන් ගත්තෙ ඔවුන්. ඔවුන්ගෙ අදහස්වලට විරුද්ධ හැම කෙනෙක්ම මැරුවා. රටේ සම්පත් ගිනි තිව්වා. හමුදා සාමාජිකයින් මැරුවා .හැඳුනුම්පත හොරා ගත්තා. කළු ඇඳිරිය දැම්මා. ජන ජීව්ත අඩාල කළා. රෝහල්වල පවා වැඩ කරන්න ඉඩ දුන්නෙ නෑ.ඔය අතීත අවුස්සලා තේරුමක් නෑ.
එතකොට ඔයාලා වධකයෝද? නැතිනම් තොත්ත බබාලාද?
අවුරුදු 14ට අඩු ළමයි 44ක් ළමා සොල්දාදුවන් ලෙස යොදාගෙන අනිත් පක්ෂවල අහිංසක මිනිසුන්, ගැහැනුන්, බඩදරු අම්මලා මරලා බෙලි වැටවල් වල ගසපු, ජනතා විමුක්ති පෙරමුණ, හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යායුතුයි...! එහෙම ළමා සොල්දාදුවන් 44ක් යොදාගත් බව පිළිගත් පොලිස් ඇමැති ආනන්ද විජේපාලවයි, ඒ කාලේ ඒවා මෙහෙයවපු ටිල්වින් සිල්වායි විත්තිකරුවන් ලෙස නම්කළ යුතුයි!
හක්කේ දඩ මස්...!