
(සුජිත් හේවාජුලිගේ)
බොහොමයක් සභිකයන්ගේ ලයිස්තු තවමත් ලැබී නැති හෙයින් පළාත් පාලන ආයතන ලබන ජුනි මස 2 වැනිදාට පිහිටුවීම විශාල අභියෝගයක්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් බොහොමයක් සිය සභිකයන්ගේ නාම ලේඛන තවමත් ඉදිරිපත් කර නැති හෙයින් මෙම ගැටලුකාරි තත්වය පැන නැගී ඇත.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනට ලැබී ඇති සභිකයන්ගේ නාමලේඛන ගැසට් කිරීමට කටයුතු කරන බවයි.
ලැබෙන ලැබෙන පරිදි නාම ලේඛන ගැසට් කරන බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත අනුව සියලුම පළාත් පාලන ආයතන ලබන ජුනි මස දෙවැනිදාට පෙර පිහිටවිය යුතුව ඇත.
සභිකයන් නම් කිරීමේදී ඇතැම් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල හටගෙන ඇති විවිධ අර්බුද හේතුවෙන් සභික නාම ලේඛන ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද වී ඇති බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි දෝෂය හැදුණු කොමසාරිස් කාර්යාලයක්...නිසි ක්‍රමවේදයක් නෑ... මැතිවරණ පවත්වන්නට දින නියම කළාට සභා පිහිටුවන්න දින නැහැ.
මැතිවරණ කොමිසන් සභාවේ පූරණ නොහැකියාව නිසා මෙම අස්ථාවරත්වය ඇත.