
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොල)
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම් ප්‍රමාද වී ඉදිරිපත් කිරිම සැලකිල්ලට ගෙන මෙම පෙත්සම අභියාචනාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කෙරණි.
අභියාචනාධාකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීණි.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මඩකලපුව, ජාඇල සහ මන්මුනේ ඇතුළු පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොණුකොට තිබූ මෙම පෙතසම්වල වග උත්තරකරුවන් හැටියට මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd