IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණයේදී  ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා පැවසීය.

එම සංඥාව තේරුම්ගෙන වැරදි නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

නානායක්කාර මහතා මෙසේද පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජය ලැබුවේ මාලිමාව නමුත් ජය සමරන්නේ අද විපක්ෂය. ඔවුන්ට ආතල් ගන්න ඉඩදී අපි බලාගෙන ඉන්නවා.

 



අදහස් (10)

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා

සසම්භාර Saturday, 10 May 2025 12:36 PM

පාවිච්චි කරන වචන හා විලාසයෙන් නම් ජනතාව දුක් සංඥාව තේරුම් ගත්තු බවක් නම් පෙනෙන්නේ නැහැ. ඔහොම යමු විපක්ෂය හොඳටම ජය සමරයි ළඟදීම. ඔයාලා හරි උද්ධච්යිඡ වැඩ බැරි වුණත්...

:       11       72

එඩ්වඩ් Saturday, 10 May 2025 12:39 PM

ඇත්ත තේරුම් ගැනීම ගැන ඔබට ස්තුතියි. නමුත් ඔබගේ කණ්ඩායමේ බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, කොට්ටහච්චි, හරිනි අමරසූරිය, හේවගේ, සරෝජා පෝල්රාජ් වැනි අය මෙම පල්ලම් බැසීමට හේතු වී ඇති බව පැහැදිලියි. ඔවුන් කන්ට්‍රෝල් කර නොගතහොත් විපක්ෂයේ සැමරීම වඩ වඩාත් වර්ධනය වී ඔබගේ පාලනයට කණකොකා හැඬීමට ඉඩ ඇත.

:       7       70

pakeer Saturday, 10 May 2025 01:14 PM

පිස්සුද? අපි ජේවීපී... ඒත් අපි ඡන්දෙ දුන්නේ නැහැ. බයවෙන්න එපා. අනුරව ගෙදර යවන්නේ නැහැ. අවුරුදු 10ම ඉඳලා මිසක්.

:       55       16

Nilame Saturday, 10 May 2025 01:20 PM

ලොකු තාත්තාද? බාප්පාද? දන්නේ නැහැ වාසුදේවගේ පක්ෂය ආණ්ඩුවට සහාය දෙනවා කිව්වාට එම පක්ෂයත් මෙවර ආණ්ඩුවට විරුද්ධව තරග කළා කියලා ආරංචි ලැබිලා තියෙනවා...

:       4       24

Pankumburage Saturday, 10 May 2025 02:33 PM

ඔයාගේ තමයි ගොඩක් වැරැදි තියෙන්නේ. පණ්ඩිතකම වැඩියි. ඒක හදාගන්න...!

:       5       45

මුතුබණ්ඩා Saturday, 10 May 2025 02:38 PM

ආතල් නෙමෙයි ඔය ඇමැතිවරුන්ගේ ආඩම්බරකම අඩු කරගන්න කියන්න. මිනිස්සුන්ට ඔය අහංකාර කතා අල්ලන්නේ නෑ.. දැක්කානේ ගෝඨාභයට වුණුදේ. අපිට වඩා නෑ කියලා හිතාගෙන හිටියේ. ඔහොම ගියොත් වැඩිකල් යන්න බැරිවෙයි. "අසීමිත බලය මිනිස්සු මොඩයෝ කරයි" කියලා හේරත් බණ්ඩා අයියා කීවා දවසක්...

:       3       48

ගුණරත්න Saturday, 10 May 2025 06:59 PM

අපිට නම් ඉස්සරම තේරුම් ගිය දෙයක් තමයි ජවිපෙ රට හැදිල්ල මිත්‍යාවක් කියලා, ඇත්තටම රට හදන මිනිහා කියව කියවා ඉන්නෙත් නැහැ. පහුගිය ආණ්ඩු නිලධාරීවාද ගැන නාහෙන් අඬන්නේ නැහැ... ඔක්කෝම එකතුකරගෙන වැඩ කරනවා. හොඳම උදාහරණය ප්‍රේමදාස ජනාධිපතිතුමා, රනිල් ජනාධිපතිතුමා, ඔවුන් නාහෙන් අඬන් හිටියේ නැහැ, ප්‍රශ්න වලට විසඳුම් දීලා පෙන්නුවා. කරන්න බැරිම දෙයක් නම් මිනිස්සු රවට්ටන්න ගියෙත් නැහැ. බැහැ කියලා කිව්වා, ඒත් මිනිස්සුන්ට ඒ දේවල් තේරෙන්නේ නැහැ.

:       5       43

පොඩිඑකාSaturday, 10 May 2025 09:00 PM

මෝඩ කතා කියන්න එපා ගුණයෝ, ඔහේගේ ප්‍රේමදාසයි, රනිලුයි කොරා නං, මෙලහකට රටේ අලුතින් හදන්න දෙයක් ඉතිරිවෙලා තියෙන්න බැහැනේ!

:       35       14

විජේSunday, 11 May 2025 02:51 PM

මේ වගේ මුසාලා, මෝඩ ගුණයා ගවයෙක් විකිණීම සහ අනෙකුත් අය සමඟ සසඳන්න එපා කියලා හිතාගෙන ඉන්න එක හොඳයි නේද කියලා මතක් කර දෙන්නයි යන්නේ...!

:       2       1

prasanna Saturday, 10 May 2025 08:47 PM

කෝපි කාලෙට ගැලපෙන ගොන් රැළක් මෙම ආණ්ඩුවේ ඉන්නේ.

:       6       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 693 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site