
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී අද (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වූහ.
පාකිස්තානු පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගැනීමට සමත්විය.
පාකිස්තානු පිල ලකුණු 289 ක ඉලක්කය ඕවර 48.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
බාබර් අසාම්, පාකිස්තානය වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 119 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 288 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 27, කුසල් මෙන්ඩිස් 20, සදීර සමරවික්‍රම 42, ජනිත් ලියනගේ 54, කමිඳු මෙන්ඩිස් 44, වනිදු හසරංග නොදැවී 37, අබ්රාර් අහමඩ් 41/3, හැරිස් රවුෆ් 66/3) පාකිස්තානු පිල ඕවර 48.2 කදී කඩුලු 2 ට 289 (ෆකාර් අසාම් 78, සයිම් අයුබ් 33, බාබර් අසාම් නොදැවී 102, මොහොමඩ් රිස්වාන් නොදැවී 51, දුෂ්මන්ත චමීර 58/2)
2025 නොවැම්බර් මස 17
64
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
900
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2526
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පාකිස්තානය කඩුලු 8 කින් ජය ලබයි
සුන්දරා Saturday, 15 November 2025 04:47 AM
ලැජ්ජයි ...!!! අපේ කට්ටියට පක්කන්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. පකිස්තාන් ටීම් එකේ හිටියා කොන්ඩේ කපන සැලෝන් එකක වැඩකරන" බාබර් "කෙනෙක්. එයා නොදැවී 102 ක් ගත්තා. සිලෙක්ටර් බෝර්ඩ් එක මේවාගැන සැලකිලිමත් වියයුතුයි. මීළඟ ක්‍රිකට් තරඟාවලියට අපේ රටේ හොඳ නමගිය සැලුන් එකක කොල්ලෙක් දාන්න. කාලයකට ඉහත දී ඉන්දියාවේ ටීම් එකේ හිටියා වඩේකාර් කියලා වඩේකාරයෙක්.., ඇයි අපිටත් බැරි අපේ රටේ වඩේකාරයෙක්ව ඊළඟ මැච් එකට දමන්න.
අනේසිරි! Saturday, 15 November 2025 02:06 PM
ආදරේ වැඩිකමටද මංදා?
Left voter Saturday, 15 November 2025 06:20 PM
අපේ මුල් පෙල පිතිකරුවෝ කිසිම වගකීමක් නැතුව සෙල්ලම් කරන්නේ. දන්නවා කොහොමත් චාන්ස් එක ලැබෙනවා කියලා. බලන්න පාකිස්තානය කඩුලු දෙකක් ගිහිල්ලත් total score එක build up කරපු විදිය. අනිත් එක අපට තවමත් spinner කෙනෙක් හදාගන්න බැහැ. අමාරු අවස්ථාවක විකට් එකක් ගන්න. World class spinner කෙනෙක් හිටියා, එයා යටතේවත් variation spinner කෙනෙක් හදාගන්න.