(අංජුල මහික වීරරත්න)
75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බව පවසන ජනාධිපති කාර්යාලය රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ එමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ ලෝකය හමුවේ පනිවිඩයක් තැබීමක් බවද සඳහන් කරයි.
රජය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් නිදහස් උත්සවයට වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින්ම සාවද්‍ය බවද නිදහස් උත්සවය සඳහා වන මුලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිදු මුදලක් වැය කර නැතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
COMMENTS
අද මෙහම කිව්වට, තව අවුරුදු හතරෙන් පසු කෝප් කමිටුවට ආවුත් හැලි වේවි මෙම වියදම දස ගුණයකින් වෙඩි කියල. මෙහම තමයි රටේ ඉතිහාසය ලියල තියන්නේ.
කෙහෙල් මල් අභිමානයක් ඔය මුදලෙන් දරුපවුලකට කිරි පිටි පැකට් එක ගානේ දුන්නා නම් ඔයිට වඩා අභිමානයක් නැතිද
ශත 29 කුත් එකතු උනේ කොහොමද දන්නෑ..
කෆීර් යානා ඇතුළු වාහන තෙල් වියදම් ඇතුළත් ද
අර ජංගම වැසිකිලි පද්ධතියට විතරක් ගෙවපු ගැන කියන්නකෝ බලන්න .ජාතික ගීයට මිලියන් 1 2/1 යි
දුශිත දේසපාලුවෝ රටම හොරාකාලා විනාශ කෙරුවා .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි .අපේ රට හින්ගාකන ජාතියක් බවට පත් කෙරුවා. ජනතාවට එදාවේල වත් හරියට කන්ඩ බැරි තත්ත්වයක් තියෙන්නේ .එහෙව් රටේ .කොහේ තියෙන අභිමානයක් ද?
ඇත්ත ගණන ඔයිට වැඩිය වෙන්න ඕන ,ඒක දැනගන්න පුළුවන් වියදම් කල මුදල් වල සම්පූර්ණ විස්තරයක් රටට දුන්නා නම්
6000 කට අධික හමුදා පොලිස් නිලධාරීන්ට පෙරහුරුව සහ එම දිනේදී වැටුප් සහ අමතර දීමනා ඇතුලත්ද ?
අපිට නැති අභිමානය නැවත ලබා ගැනීම සඳහා උත්සව තියන රටක්!
සමහරු ප්‍රශ්න කරන්නේ බොරු සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන්නට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ මොකද කියා
ලක්ෂ 111 කින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් ද? සතියක් පුරා පුහුණුවීම් කල දහස් ගණනක පිරිසක් සදහා කැම බීම නවාතැන් ප්‍රවාහන හා දීමනා,. පුහුණුවීම් කල ගුවන් යානා සදහා ඉන්ධන නැව් හා සන්නද්ධ රථ පෙළපාළි හා අනෙකුත් සියලුම වාහන සදහා නඩත්තු හා ඉන්ධන. පැමිණි අමුත්තන් සදහා ගුවන් තොටුපලෙ ඉදන් යනකම් පරිවාර රථ හා ආරක්ෂාව සමගින් නිදහස් දිනයේදී සියළුම වියදම්. සියල්ලටම වියදම ලක්ෂ 111 පමනයි .අදහා ගන්නට නොහැකිය... (11,130,011)
නිදහසට නොවෙයි නිදහසේ වැයකල ගණන් හිලව් කියලා ලිව්වනම් ලොකු වටිනාකමක් ඇතිවෙනවා නේද
අනපේක්ෂිත වියදම් ගැන කුමක් කිව හැකිද?
මූට ඊළඟ නිදහස් දිනේ වෙනකං ඉන්න වෙන්නෑ... හිටියත් ජනාධිපති පට්ටම් නෑ.. ඉතින් රටට සතේ නැතත් මූ මේ නිදහස් පාටිය දානවා... ඒක උගේ හීනයක්... එහෙම නැතුව රටට ලැබෙන බම්බු අභිමනයක් නෑ...
අපිට කොහෙන්ද අභිමානයක්. අනුන්ගෙන් ගිගාකන, අනුන්ගෙන් යැපෙන අපිට කොහෙන්ද අභිමානයක් . කතා දෙකක් නැ ඔය නිදහස් උත්සවය අස්සෙනුත් හොරා කන්න ඇති. එහෙම නොවුනානම් තමයි පුදුමේ.
මේ උත්සව පවත්වන්න නිදහස ලැබුනේ කාටද. ජනතාවට නම් ඉන්න වෙලා තියෙන්නේ සුද්දා යටතේ උන්නටත් අන්ත විදියට.
මරු අභිමානේ සිංහ කොඩි ගෙන්නන්නෙත් චීනෙන්. ඉහල යන බඩු මිල නොදැනෙන, ගහේ හැදෙන කොස් ගෙඩි තම්බන් කාලා ජීවත් වෙන මෝඩ වහල් බයියන්ට ඔටෝ චූන් වෙන්න හොඳයි ඉතින්.
ලංකාවේ මිනිස්සු ශාක්ෂරතාව අතින් ඉහලින්ම ඉන්නවා කිව්වාට යමක් කමක් හරියට තේරුම් බේරුම් කර ගැනීමට නොහැකි පොතේ හැටියට පමණක් බුද්ධිමත් කියලා හිතන්නේ රොබෝවරු වගේ අදහස් ඉදිරිපත් කරන නිසා කියලා තමයි කියන්න වෙන්නේ.. කිසිම කෙනෙක් තමා එල්ලිලා සිටින පක්ෂය ගැන ඒවායේ පුද්ගලයින් ගැන මිස වෙනත් කිසිම හැඟීමක් තියෙනවා කියලා හිතන්න අමාරුයි.