
(අංජුල මහික වීරරත්න)
ප්‍රවීණ රංගන වේදිනී මාලනී ෆොන්සේකා මහත්මියෙගේ දේහය හෙට (25) දිනයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී හා අනිද්දා දින (26) නිදහස් චතුරස්‍ර මන්දිරයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන සඳුදා (26) පැවැත්වීමට නියමිතය.
අභාවප්‍රාප්ත වූ ලාංකීය සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සදහා පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (24) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ අවමංගල්‍යය අවස්ථාව වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන මහත්වරු සහ කලාකරුවන් හා මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ.

2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිළි රැජනට අවසන් ගෞරව දක්වන්න දින දෙකක්