IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කරන්න රජයේ සහාය

(අංජුල මහික වීරරත්න)

සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී  පැවැත්විණි. 

මෙරට  නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමෙන් අපනයන ආදායම වර්ධනය කර ගැනීම සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජයේ සැලසුම් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිතව දැනට පවතින ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. 

ටයිල්, නාන කාමර උපාංග සහ සනීපාරක්ෂක භාණ්ඩ ඇතුළු සෙරමික් නිෂ්පාදන කෙරෙහි මෙහිදී වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කෙරුණු අතර, දැනට වෙළෙඳපොළේ  පවතින එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා විය.   

ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෙරමික් නිෂ්පාදන මෙරට පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ලබා දීම සඳහා රජයෙන් ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

අමුද්‍රව්‍ය සපයා ගැනීම ඇතුළු සෙරමික් කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුද, සෙරමික් කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 



අදහස් (0)

නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කරන්න රජයේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 458 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16938 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site