
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සහකාර පොලිස් අධිකාරි නීතිවේදී පෙඩ්රික් උදය කුමාර වුට්ලර් මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස අද(03)වන දා රාජකාරී ආරම්භ කළේය.
1968 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනි දින උපත ලබා ඇති ඒ මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1990 මැයි මස 24 වැනි දින පොලිස් සේවයට බැඳී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව ලබා ඇත.
එංගලන්තේ බකින්ග් හැම්ශයර් විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධිය ලබාගෙන ඇති ඒ මහතා 2015 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති අතර මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලූ බැල්මට, භාෂා තුනෙන්ම සන්නිවේදනය කළ හැකි ඉතා කාර්යක්ෂම පරමාදර්ශී පොලිස් නිලධාරියෙකු ලෙස පෙනේ! කතා කිරීමට දුර්ලභ සංසිද්ධියක්. කෙසේ වෙතත්, මෙම පරමාදර්ශී පොලිස් නිලධාරියාට ඔහුගේ හැකියාවන්ට අනුකූලව උසස්වීම් ලැබී නොමැති අතර අවම වශයෙන් පොලිස් අධිකාරීවරයෙකු වීමට සුදුසු විට ඔහු ASP ලෙස පවතී! එතරම් දක්ෂ නොවන සමහර නිලධාරීන්ට මෙම දක්ෂ නිලධාරියා අතහැර දමා උසස්වීම් ලබා දී ඇති බව පෙනේ! සියල්ලට පසු, පොලිසිය පවා දේශපාලනීකරණය වී ඇති බව කියන ශ්‍රී ලංකාව වැනි රටක ඔබට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද!
මෙහෙම මනුස්සයෙක්ට ගරු කළාට කමක් නෑ. කතා කරන විදියෙන් නම් හොඳ වැදගත් බුද්ධිමත් කරුණාවන්ත මනුෂ්‍යයෙක්. හොඳ සොයා ගැනීමක්.
සුභපැතුම් සර්
කුරුණෑගල ශාන්ත අනා විදුහලේ උසස් පෙළ bio science අංශයේ මා සමග ඉගෙන ගත් ඉතාමත් හොඳ ගතිගුණ තියෙන පන්ති සගයෙක්, ටික කාලයක් ඇසුරු කලත් wootler ගේ හිනහව, මිත්‍ර ශීලී බව, නිහතමානී කම මට තාම මතකයි සමහර යාලුවන් අපිව නොසලකා හරීද්දී hi මචන් කියලා සිනහ මුසු මුහුණින් කතා කල හැටි තාම මතකයි මගේ මතකයේ ඇති. අන්වෙර්, සිල්වා, දිසනායක, ගාල්ලගේ, බණ්ඩාර, දසනායක සහ ඔබ. ඉතාමත් හොඳ මිතුරන් ඔබට උණුසුම් සූබ පැතුම්
ටිල්වින් කියන විදියට තමා මාධ්‍ය ප්‍රකාශ කරන්න වෙන්නේ... කෙසේ වෙතත් අපේ සුබ පැතුම්..!
බයෝ සයන්ස් මොනවද? පිසිකල් සයන්ස් කරපු කෙනෙක් නාගන්නවා නියම නෑමක්...