IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නිලංග දෑල නව දියවඩන නිලමේ

(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා මීට සුළු වේලවකට පෙර තේරිපත්විය.

නිලංගදෑලට පක්ෂව ඡන්ද 195ක් ද ලබාගත් අතර මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඡන්ද 50ක් ද මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඡන්ද 13ක් වශයෙන් ලබාගත්තේය.

දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක් වේ.

වර්තමාන වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අවස්ථා දෙකකදී වසර 20ක් දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ නිල කාලය පසුගිය අගෝස්තු මාසයේදී අවසන් විය.

මෙවර දියවඩන නිලමේ තනතුරට වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල,මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරයේ භාරකරු හා සතර මහ දේවාල භාර මහා නිළමේ රොෂාන් ප්‍රියදර්ශන, වරකාපොල දොරවක ශ්‍රී නාථ දේවාලයේ හිටපු භාරකාර ඉනිදික රුවන් පතිරණ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරි ගාමිණි කළුහැන්දිවෙල, මහාචාර්ය තිලක් සුබසිංහ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් වීර මඩුගල්ල පදනමේ සභාපති නන්ද මඩුගල්ල යන මහත්වරු ඉදිරිපත් වූහ.

 



අදහස් (21)

නිලංග දෑල නව දියවඩන නිලමේ

Cham Friday, 07 November 2025 05:25 PM

දළදා හාමුදුරුවන් බේරාදුන් අයට බොහෝම පින්...

:       27       158

චන්දිමSaturday, 08 November 2025 05:59 AM

ඇහ්හ්හ්. ඇයි දලදා වහන්සෙර්ට මොකක් හරි හානියක් හෝ ප්‍රස්නයක් වුණාද ඊයේ? මේ ගැන රජය ආරක්ෂක අන්ස දැනුවත්ද? ඔයා කියන්නේ ත්‍රස්තවාදී අනතුරක් ගැනද? ඊයෙ මමත් ගියා දලදා වදින්න උදේ. වෙනදා වගේම හොදින් වැදගෙන ආවා.

:       28       6

Angna Kouross Saturday, 08 November 2025 01:08 PM

ස්තූතියි කිව්වා.

:       5       18

ලුම්බිණි Saturday, 08 November 2025 04:20 AM

අපි ඉවරයි අයියේ....

:       18       8

Nissanka Saturday, 08 November 2025 09:04 AM

තනතුර බැබල වූ මිනිසෙක්. ඔබතුමන්ගේ සේවාව සුලුප‍ටු නැහැ...

:       25       96

Mahendra Saturday, 08 November 2025 09:05 AM

මෙතුමන් තමයි තනතුරට ගැලපෙනම කෙනා. තෙරුවන් සරණයි.

:       27       102

Roland Kuranage Saturday, 08 November 2025 09:17 AM

නිලංගදෑල... ජීවිතාන්තය දක්වාම දියවඩනු ඇත.

:       48       14

Jayasekara Saturday, 08 November 2025 09:41 AM

දළදා සෙවණ වැඩසටහන බලන්න. කෙරෙන සමාජ සේවාවන් පෙනෙනවා. මෙතුමාට දළදා හිමි සරණයි...

:       21       75

සම්පත් Saturday, 08 November 2025 12:02 PM

ඔව් අපොයි ඔව්... ඔයා​ට කීයක් හම්බෙනවාද මාසෙකට එයාගෙන්.. නොදන්නා මගුල් කතා නොකර සිටීම තමයි හොදම දේ..

:       45       20

eresh S kumara Saturday, 08 November 2025 10:14 AM

වැඩ හොඳට කරා නම් අනිවාර්යයෙන් මිනිස්සු අවශ්‍ය පුද්ගලයින් නිසි වේලාවට පත් කරනවා...

:       5       34

ටිල්වින් සීයා Saturday, 08 November 2025 11:16 AM

බෝම්බ ගහලා මංකොල්ල කන්න බැරි වුණු මාලිගාවේ රත්තරන් මැණික් ටික ජේවීපී කාඩරයෙක් දියවඩන නිලමේ කරලා ගසාකන්නයි බැලුවේ. වැඩේ අල වුණා.

:       23       70

කෞෂි Saturday, 08 November 2025 11:26 AM

මේ ඡන්දෙට රාජ්‍ය නිලධාරීන්ගේ මනාප ගන්න කියලා තියෙන්නේ ත්‍රිපිටකයේ මොන කොටසේද?

:       51       34

ගුණරත්න Saturday, 08 November 2025 01:39 PM

ත්‍රිපිටකයේ තියෙන්නේ මුදල් පරිහරණ කටයුතු වලට භික්ෂූන් මැදිහත් වෙන්න එපා කියලා. ඉතින් ඒ වැනිදේ සඳහා තමයි ඔය නිලධාරීන් පත්කරන්නේ. එක බෞද්ධ සංස්කෘතිය. කෞෂි නෝනාගේ ජවිපෙ අපේක්ෂකයා පරාද වුණා කියලා සංස්කෘතික කටයුත්තක් විවේචනය කළ යුතු නැහැ.

:       23       80

කෞෂිSaturday, 08 November 2025 02:40 PM

බුද්ධ ධර්මය හැර අන් සියලුම දේවල් අද බුද්ධාගම කියලා අදහනවා. සංස්කෘතිය ආගම කරගත්තු ගුණරත්නලාගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තුවෙන්නද?

:       51       17

අසංSaturday, 08 November 2025 02:44 PM

බළල්ලු ලවා කොස් ඇට බෑවාට කමක් නැද්ද ගුණේ?

:       40       14

samanSaturday, 08 November 2025 07:40 PM

දියවඩන නිලමේ කියන තනතුර මහ ලොකු තනතුරක් නොවේ.1828 දළදා පෙරහැරට අන දුන්නේ පල්ලේ ගම්පහ අධිකාරම.1853 දී තමයි මේක සුද්දෝ ලොකු තනතුරක් කළේ..

:       0       0

සමන් - ඕමානයSunday, 09 November 2025 11:40 AM

අපේ රටේ සමහරක් උදවියගේ පුරුද්ද හා ලොකුකම අපේ බුද්ධාගමට, බෞද්ධ සම්ප්‍රදායන්ට, සිංහල ජාතියට හා සංස්කෘතියට උඩ පැන පැන බැටේ දෙන එකයි. ඔවුන් හිතන්නේ මේවා බොහෝම ප්‍රාථමික, නොදියුණු, ගෝත්‍රික වැඩ කියලා. බටහිර සංස්කෘතිය හා නිරාගමික භාවය තමයි හොඳ කියලා. මොවුන් ජාන විකෘති පෙරමුණේ (JVP) ලොක්කන්ගේ නිරාගමික, සමරිසි හා සිංහල බෞද්ධ විරෝධී අදහස් කරපින්නා ගත් මොලේ මඥ්ඤන් වෙච්චි බත් බැලයින් පිරිසක්. JVP ලොක්කෝ කියන හැමදේටම ආවඩන, නිවැරැදියි කියන ඩොබිලා සෙට් එකක්... කසල ශෝධක හමුදාවක්... තුහ් නොදකින් කාලකන්ණි හැත්ත....

:       0       1

සංඛ Saturday, 08 November 2025 01:06 PM

අද වන විට ධුර කාලය වසර 10 ක් නම්, අවශ්‍ය නම්, නව නීති රීති ගෙන ඒමට හෝ එම ධුර කාලය වසර 5 කට සීමා කර වාර දෙකකට ඉඩ දීමට රජයට කාලය පැමිණ තිබේ. ඒකාධිකාරිව දිගු කාලයක් තනතුරේ රැදී සිටීම දූෂිත වැඩ කරන්න මග පෑදෙන නිසයි.

:       38       14

ලුම්බිණි Saturday, 08 November 2025 01:24 PM

දළදාවට දෙවි පිහිටයි

:       40       21

සමන් Saturday, 08 November 2025 01:43 PM

සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන හරිම සතුටුයි.

:       25       97

Matiya Saturday, 08 November 2025 07:52 PM

දළදා වහන්සේ නීතියන්ම විකුණාගන්න තවත් අවුරුදු 10ට ලයිසන් හම්බවෙලා. මාලිගාවට ලැබෙන ආධාර මිලියන ගණන්. මෙයාගේ ගැහිල්ල්ලත් ඒ වගේමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2197 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site