IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


නාරාහේන්පිට දුම්රිය පොළ අලුත් කරයි

(අංජුල මහික වීරරත්න) 

“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීම අද (27) ආරම්භ කෙරිණි.

කැලණි වැලි මාර්ගයේ තවත් එක් සුවිශේෂී දුම්රිය ස්ථානයක් සේ සලකන නාරාහේන්පිට දුම්රිය ස්ථානය කොටා පාර දුම්රිය ස්ථානයට හා කිරුලපන දුම්රිය ස්ථානයට මැදිව පිහිටා ඇත. 

කොළඹ සිට 5.06km දුරක් හා මුහුදු මට්ටමේ සිට උස 3.72mකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන වේදිකා දෙකකින් හා එක් ටිකට් කවුන්ටරයකින් සමන්විත වෙයි. 

කම්කරු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනය රැසකට යාබඳව පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය එදිනෙදා රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගී ජනතාව විශාල පිරිසක් භාවිතා කරති.

එකී මගී ජනයාගේ සුවපහසුව පිණිස මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග හරහා වේදිකා යා කරමින් මගී ගුවන් පාලමක් ඉදි කිරීම, දෙවන වේදිකාවේ වහලය සැකසීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, දුම්රිය මඟීන් සඳහා රැඳී සිටීමට සුවපහසු ආසන සැකසීම ඇතුළු නවීකරණ කටයුතු පෞද්ගලික අංශයේ පූර්ණ අනුග්‍රහය සහ NIO Engineering සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරේ.



අදහස් (2)

නාරාහේන්පිට දුම්රිය පොළ අලුත් කරයි

කපුරුහාමි Saturday, 27 September 2025 06:17 PM

රජයේ කාර්‍යාල වගේම පාසල් ඒ අවට තියෙනවා. හොන්ද සේවයක් ලැබේවි...

:       0       19

තරිඳු Saturday, 27 September 2025 08:46 PM

මුලින්ම වේදිකාව කෝච්චිවල නගින තරමට උස්සන්න. පඩි පෙල අයින් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1756 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site