IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නොරොච්චෝලේ බලාගාරයට ’’හයියක්’’ දෙයි

(අංජුල මහික වීරරත්න)

නොරොචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලි සැපයුම් පද්ධති ප්‍රසම්පාදනය කිරීම සඳහා තැවිණට අනුමැතිය ලැබී ඇත.

නොරොව්වෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ආරක්ෂාකාරීව අක්‍රීය වීම සඳහා එම බලාගාරය තුළ සහායක විදුලි සැපයුමක් නොමැති වීම හේතුවෙන් රට පුරා විදුලිය බිඳ වැටීමකදී විදුලි බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතියේ සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියේ ආධාරක විදුලි සැපයුම අකර්‌මණ්‍ය වේ.

සිසිලනය සඳහා ඉඩ සලසමින් දින 4ක හෝ 5 ක කාලයකට බලාගාරයේ මෙහෙයුම් කටයුතු අත්හිටු වීමට සිදු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු මූල්‍ය අලාභයක් ද සිදු වේ.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා තාක්ෂණික වශයෙන් යෝග්‍ය විසඳුමක් සොයා බැලීම පිණිස පත් කරන ලද කමිටුව විසින් අත්‍යවශ්‍ය පද්ධතීන් සඳහා කෙටි කලක් තුළ ක්‍රියාවට නැංවිය හැකි, නොකඩවා ක්‍රියාත්මක වන ආධාරක උප විදුලි බල සැපයුමක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර ඇත. 

ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුදල යොදා ගනිමින් ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

නොරොච්චෝලේ බලාගාරයට ’’හයියක්’’ දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site