
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොලේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලි බිඳ වැටීම නිසා අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන නැවත ක්‍රියාත්මක කිරීමට දින තුනක් හෝ හතරක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පවසති.
විදුලි සැපයුම විසන්දිවීමත් සමඟ නොරොච්චෝලේ විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවල ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එම යන්ත්‍ර අක්‍රීය වන බවත් එම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කිරීමට දීන කීපයක්ගත වන බවත් ඉංජිනේරුවෝ සඳහන් කළහ.
නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරය ඉදිකරන අවස්ථාවේදී එම ජනන යන්ත්‍ර පද්ධතිය මෙවැනි අවස්ථාවකට පත්වූ විට සිසිල් කරන ආකාරය පිළිබඳව කටයුතු නොකිරීම මෙයට හේතුව බවත් පසුගිය වසර කීපය තුළ මේ ආකාරයට සමස්ත රටටම විදුලිය විසන්දි වුවද එම එකම අවස්ථාවකදී හෝ නිෂ්චිත පියවරක් නොගත් බවත් ඔවුහු කියති.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයකින් දිනකට මෙගාවොට් 270 ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු කළ හැකි බවත් එම විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කළ හොත් දිනකට මෙගාවොට් 800 අධික ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කළ හැකි බවත් ඉංජිනේරුවෝ වැඩි දුරටත් සඳහන් කළහ.
මෙම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කරන තෙක් විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා තාප විදුලිය මේ වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති අතර එය තව දුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව බලශක්ති අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් සිටියේය.
තාප විදුලිය පද්ධතියට සම්බන්ධ නොකරන්නේ නම් විදුලි කප්පාදුවකට යෑමට සිදුන බවත් විදුලි කප්පාදුවකට යෑමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් කුට්ටියට පාර කපලා දුන්න වඳුරෙක්.
"මේ උපන් ගෙයි ලෙඩ සුව කරන්න බැහැ , ගල් අඳුරු වලින් සහ විරෝධතාව නොසලා කටයුතු කල උන්ට මේක අකුල ගෙන වෙනත් විකපලයක් සදහා යා යුතුයි
මහින්ද රාජපක්ෂ 2006 ඩොලර් බිලියන 1.3කට එදා නොරොච්චෝලෙ හදනකොට කිව්වා මෙහෙම වෙයි කියලා. ඇහුව්වා ද? එදා ඉදන් අද වෙනකම් හැමදාම කැඩෙනවා. රුසියාවේ නිකං දෙන්නවා කිව්ව න්‍යෂ්ටික බලාගාර තිබ්බා නම් අද ඉන්දියාවටත් විදුලිය අපනයනය කරලා ඩොලර් බිලියන ගානක් හොයාලා. රටේ ණය ටිකත් ගෙවලා ඉවරයි.
ලංවිම සිස්ටම් ඔපරේෂන් එක ගැන දන්න අය හිතන්නේ ඇමතිතුමා කාව හරි රකින්න හදනවා කියලා. සම්පූර්ණ බර ක්‍රියාත්මක කිරීමේදී අසාර්ථක වීමට හේතු වූයේ විශාල පරම්පරාවේ බලාගාරයක් නැතිවීමයි. මට ඔයාලට කියන්න පුළුවන් එකම දේ තමයි පානදුරේ බඩු තොගය වැගිරෙව්වා කියලා සම්පූර්ණයෙන් ආපසු හැරවීමක් සිදු නොවුණත්, පීක් ලෝඩ් එකේදී විශාල උත්පාදක කම්හලක් අහිමි වීම විශාල අසාර්ථකත්වයක් ඇති කරන බව. ඉස්සර එහෙම උනොත් පරණ ලක්ෂපාන ස්ටේෂන් එකෙන් නැවත විදුලිය දෙන්න පටන් ගන්නවා.
ජනජීවිතයට බලපාන දෙයක් සිදුවීමට පෙර මෙම විදුලිය ප්‍රශ්ණය වැනි ප්‍රශ්ණ හදුනාගෙන. තිරසාර විසදුම් සොයා ක්‍රියාත්මක කිරීමට මහාචාර්ය කට්ටලය අසමත් වීම සම්බන්ධයෙන් දීප ව්‍යප්ත විරෝධතාවක් පැවැත්වීමට ජවිපෙ සහ මාලිමාවට කරන ආරාධනයයි මේ....