IMG-LOGO

2024 අප්‍රේල් මස 13 වන සෙනසුරාදා


නිරෝගිමත් කෙස් කළඹකට රහස්

කෙස් කළඹ මගින් කාන්තාවකට ලබා දෙන්නේ ඉතා අගනා සුන්දරත්වයකි. මේ නිසාම සෑම කාන්තාවක්ම නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට සිහින මවති. වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ හිස කෙස් අග පැලීමයි. එ‍ෙසේ සිදුවීමට හේතු සහ නිරෝගිමත් සුන්දර කෙස් කළඹක් ලබා ගැනීමට නම් අප සිදුකල යුත්තේ මොනවාද යන්න පිළි බදව  අද සාකච්ඡා කරමු.

හිස කෙස් අග පැලීමට හේතු වන කරුණු මොනවාද ? 

  • හිස කෙස් නිරන්තරයෙන් වැඩි කාලවේලාවක් හිරු රශ්මියට නිරාවරණය වීම.
  • තෙත හිසකෙස් වේලා ගැනීමට හෙයා  ඩ්‍රයර් එක උණුසුම වැඩි කර භාවිතා කිරීම.
  • හිසකෙස් මෝස්තර දැමීම ස දහා යොදන රසායනික ද්‍රව්‍ය මගින් (හෙයා ස්ට්‍රේට් , හෙයා කලරින් , ෆර්මින් ආදිය)
  • හෙයා අයන් නිතර භාවිතා කිරීම.
  • හොද නින්දක් නොමැති වීම.
  • පොෂදායී ආහාර රටාවක් නොලැබීම.
  • නිදන්ගත රෝග.
  • පෝෂණ ඌණතා.
  • විවිධ බෙහෙත් වර්ග භාවිතය
  • විටමින් වර්ග පාලනයකින් තොරව භාවිතා කිරීම වැනි හේතු හිස කෙස් අග පැලීමට හේතු වේ.

හිස කෙස් අග පැලීම වලක්වා ගන්නේ කෙසේද ? 

  • ආහාර වේලට ප්‍රෝටීන් අඩංගු ආහාර එක්කර ගැනීම.
  • හිස කෙස් සදහා භාවිතා කරන ආලේපන වල ප්‍රමිතිය පිළිබදව සැලකිලිමත් වීම.
  • හෙයා ස්ට්‍රේට් , කලර් , රීබොන්ඩින් ,ෆර්ම් වැනි කොණ්ඩ සැකසීම් සිදු කිරීමට ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය සේම පළපුරුදු රූපලාවණ්‍ය ශීල්පීන් වෙත යෑම.
  • කෝමාරිකා, පිරිසුදු පොල්තෙල්, කරපිංචා, පොල් කිරි, මී පැණි, බිත්තර, සුදුලූනු, කලුදුරු, එඬරු තෙල්, ඔලිව් තෙල් ,උලුහාල් වැනි දේවල් භාවිතකර විවිධ තෙල් වර්ග නිවෙසේ දී සාදාගැනීම.
  • හැකි සෑම විටම ස්වභාවික ආලේපන පාවිච්චි කිරීම.
  • මාසෙකට වරක් පමණ හිස කෙස් අග කැපීම.
  • ඉතා පිරිසුදු පොල් තෙල් භාවිත කරමින් හිස කෙස් සම්බාහනය කිරීම
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම.
  • කෘත්‍රිම ආහාර වලින් ඉවත් වී සමබල ආහාර වේලක් හැමවිටම ලබා ගැනීම.
  • අනවශ්‍ය ලෙස හිසට සුදුසු නැති මෝස්තර දැමීම ආදියෙන් වළකීම.

 

ලාභය පිළිබද සිතා ප්‍රමිතියෙන් අඩු ෂැම්පු , කන්ඩිශනර් ,ලෝෂන් වර්ග භාවිත කිරීම නිසා කෙස් ගහේ වර්ධනයට බාධා ඇති වී ඒවා දුර්වර්ණ වී, දුර්වල වී, කෙස් අග පැලීම නිසා අවලස්සන පෙනුමක් ලැබේ. කෙස් ගසේ මුලට කරන සත්කාරය අනුව හිස කෙස් පෝෂණය වේ.‍

හිස් කබලට සහ කෙස් ගහේ මුලට සත්කාර කිරීමේ දී ඒ ගැන දැනුමක් ඇති රූපලාවණ්‍ය ශිල්පිනියන් තෝරාගන්න. ඔවුන් භාවිත කරන ද්‍රව්‍ය ගැන ද අවබෝධයක් ලබාගෙන ඔබට අවශ්‍ය ප්‍රතිකාර කිරීම බොහොම වැදගත්.

මෙවැනි දේවල් පිළිබදව අවධානය යොමු කිරීමෙන් ඉතාමත් ලස්සන දිදුළන, නිරෝගිමත් , ආකර්ෂණීය පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කීමට ඔබට හැකිවේවි.

-සටහන- ජයනි සිතාරි අල්විස්



අදහස් (0)

නිරෝගිමත් කෙස් කළඹකට රහස්

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ජල සම්පාදනෙන් කෝටි 27ක අමුතු ගෙවීමක්
2024 අප්‍රේල් මස 12 41 0

රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහ


‘‘ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රසංසනීයයි‘‘
2024 අප්‍රේල් මස 12 44 0

පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියාන


මෙරට කතුන්ගේ වැටුප පහළ මට්ටමකලු
2024 අප්‍රේල් මස 12 35 0

ශ්‍රී ලංකාවේ කාන්තාවක් පැයකට උපයන වැටුප එම කාර්යයේම නිරතවන පුරුෂයකු උපයන වැටුපට සාපේක්ෂව සියයට 27 කින් අඩු බව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය


ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් ගැන දයාසිරි හෙළිකරයි
2024 අප්‍රේල් මස 12 128 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන කුමන්ත්‍රණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැව


ආගම විගමන නිලධාරීහු විරෝධයක
2024 අප්‍රේල් මස 12 550 0

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ ’’අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති.


මත් කිලෝ 200ක් සමග දස දෙනෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 12 469 0

හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 93 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1332 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1292 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site