
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු තරුණයින් දෙදෙනෙකු දියෙ ගිලි අතුරුදන් වී ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ කටුගස්තොට පදිංචි 20 හැවිරිදි අයෙකු හා ගලගෙදර වෑත්තෑව නාරංවල පදිංචි අයෙකු බව කියයි.
නුවර සිට පැමිණ ඇති මෙම පිරිස ඇගළුම් කර්මාන්ත ශාලාවක හා වෙළද සැලක සේවය කරනු ලබන පිරිසක් බවත් මොවුන් ඊයේ (01) දිනයෙ ආයතන වල නිවාඩු ලැබිමත් සමඟ මෙලෙස විනෝද චාරිකාවකට එක්වි හලාවතට පැමිණ දැදුරු ඔයෙ දිය නාමින් සිටියදි අවාසනාවන්ත ලෙස දිය රැළකට හසුව ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත අනතුරේ හෙලන විනෝද ගමන් ඕනේ නෑ.