IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නිධන් ගන්න ගිය 5ක් අල්ලයි

(එස් ඩී කොඩිකාර )

දෙනියාය ,මෙදේරිපිටිය ප්‍රදේශයේ  නිවසක් පිටුපස ඉඩමක නිධානයක් ගැනීම සඳහා කැණිම් කරමින් සිටි  බව කියන පුද්ගලයන් පස් දෙනෙකු ඒ සදහා යොදා ගත්  උපකරණ සමග අද  (08)  අත් අඩංගුවට ගත් බව දෙනියාය පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35- 45 අතර වයස් කාණ්ඩවල පසුවන මෙදේරිපිටිය ,කඹුරුපිටිය ,කොළඹ ආදී ප්‍රදේශවල පුද්ගලයන් බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

ඊයේ රාත්‍රී 12.45 පමණ මෙදේරිපිටිය  ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හාරණ බවට  ලද පුද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි .

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් වැටලීම සිදු කරන අවස්ථාවේ එම පාළු නිවස වටේට විදුලි ආලෝකය යොදාගෙන නිවස ආසන්නයේ අඩි 04 ක් පමණ යටට වලක් හාරමින් සිටින බවත් නිවසේ ප්‍රධාන උළුඅස්ස  ඉදිරිපිට මල් පහන් තබා පහන් පත්තු කර පූජාවක් කරන ආකාරයද දැක ගැනීමට හැකි වූ බව වැටලීමට ගිය පොලිස් නිලධාරීහු පවසති.

පසුව එම ස්ථානයේ තිබී උදළු දෙකක්, අලවංගුවක්, දෙහි ගෙඩි , මල් පහන්,පළතුරු, බුලත්, පන්දම් කිහිපයක් ,පොල් තෙල්, තැඹිලි, දුම් කබලක්, කිරි පැකට් ඇතුලු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබුණි.

.

 



අදහස් (2)

නිධන් ගන්න ගිය 5ක් අල්ලයි

Hemantha Tuesday, 08 July 2025 02:27 PM

හරිම විහිළු අනේ... පොලිසියේ අය ජීවම් කරනවා වගේ පේන්නේ...

:       0       4

Supun Tuesday, 08 July 2025 05:04 PM

ඕවා පස් යට තියෙන එකේ..., වටිනා දෙයක් තියේ නම් අරගෙන මේ ණය ගෙවලා, මිනිස්සුන්ට දෙයියනේ කියලා කාලා බීලා ඉන්න දුන්නා නම් නරකද? ඔය පොලිසියේ අය මහ හපන්කමක් කළා වගේ ඔවුන්ට මහ අය ඕවා හොර කරනකොට අල්ලලා පින්තූර ගහලා දැම්මද? අනික පොළව යට තියෙන දෙයක් ගන්න ගියා මිසක් ඔය මිනිස්සු කරපු වරද මොකක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 231 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 765 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site