
( බිමල් ශ්‍යාමන් ජයසිංහ- සුමිත් පොතුපිටිය)
වසර සියයක් ඉපැරණි විහාරස්ථානයක භූමියකට යාබද ඉඩමක නිධානයකින් ගොඩගත් මැණික් ගල් 27ක් අඩංගු බව කියන බුම්බුලාකාර හැඩයෙන් යුත් උපකරණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයන් දෙදෙනා සමඟ බුම්බුලාකාර උපකරණය භාරයට ගත් බවත් ඒ වටා සුදු පැහැයට හුරු රෙද්දක් සහ සුදු පැහැති නූල් ද ඔතා තිබූ බව පොලිසිය කියයි.
එම බුම්බුලාකාර හැඩයෙන් යුත් උපකරණයේ නයිපෙන තුනක් සටහන්ව තිබෙන බවට දක්නට ලැබෙන බවත් ඝණ පාෂාණකින් යුක්ත එම උපකරණය සෙලවීමේදී අභ්‍යන්තරයේ යම් දෙයක් අඩංගුව තිබෙන බවට ඇසෙන බවත් පොලිසිය සඳහන් කරයි.
පානදුර අළුබෝමුල්ල කාමර කුලියට දෙන ස්ථානයක පුද්ගලයන් දෙදෙනෙක් නිධානයකින් ගොඩගත් බව කියන මැණික් ගල් 27 කෝටි 300 කට විකිණීම සඳහා රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව එම ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනා සමග මැණික් ගල් අඩංගු බව කියන එම උපකරණය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.
පානදුර මොරවින්න ප්‍රදේශයේ පෞරාණික විහාරස්ථානයකට යාබද ඉඩමක කැණීම්කර නිධානයකින් මෙය ලබාගත් බව ඔවුන් අනාවරණය කළ බව පොලිසිය කියයි
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2443
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධානයකින් ගත් බව කියන මැණික් සමඟ දෙන්නෙක් අල්ලයි
Nickon Tuesday, 11 March 2025 12:08 PM
අලුබෝමුල්ල පොලිසියට මල්මිටක්!