IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිදහස් සෞඛ්‍ය ජාතික සැලැස්මකට සංවර්ධනය කරනවා

(අංජුල මහික වීරරත්න)

නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය උපාය මාර්ගිකව, ජාතික සැලැස්මකට අනුව සංවර්ධනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ රුපියල් මිලියන 150 ක පිරිවැයක් යටතේ ඉදිකරන ලද නව සායන හා ගෙවීම් වාට්ටු සංකීර්ණය විවෘත කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

මෙහි දී ගෙවන වාට්ටුවේ භෞත චිකිත්සක ඒකකය ද අමාත්‍යවරයා අතින්  විවෘත කෙරිණි.

සායන හා ගෙවීම් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේ අදහස් දැකවූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  කල්මුනය හා අවට  ප්‍රදේශවල වෙසෙන ජනතාවට කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ  කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි කැපවීමෙන් කටයුතු කිරීම අගය කළේය.

රෝහලට අවශ්‍යවන  භෞතික සම්පත් සහ මානව සම්පත් ඉදිරියේ දී කඩිනමින් අදියරෙන් අදියර ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

රජයක් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව, ප්‍රමිතිගතව, කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා සදහන් කළේය.



අදහස් (0)

නිදහස් සෞඛ්‍ය ජාතික සැලැස්මකට සංවර්ධනය කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site