IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නීතිපතියේ ’’වැඩකාරයෝ’’ රොත්තක් රට දාලා ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසක් රට අතහැර ගොස් ඇතැයි  රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ විශේෂ දක්ෂතා ඇති  නිලධාරීන් සීමා වී ඇති බවත් ඒ සීමිත කණ්ඩායමට වැඩි ලිපි ගොනු ප්‍රමාණයක් පැටවී ඇති බවත්  ආරංචි මාර්ග ප්‍රකාශ කරයි..

එක නිලධාරියකුගේ අත ෆයිල් 200 - 300 හිරවී ඇති එයින් පරීක්ෂණවල පමාවක් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම අඩුපාඩු දැන් නිවැරදි කරගෙන යන බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට රජය පියවර ගෙන ඇතැයිද  එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ අඩුපාඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්විණ.



අදහස් (6)

නීතිපතියේ ’’වැඩකාරයෝ’’ රොත්තක් රට දාලා ගිහින්

කමල් ද සිල්වා - බත්තරමුල්ල Saturday, 25 January 2025 12:42 PM

රාජ්‍ය නිලධාරින්ගේ නොසැලකිල්ල හා නීතිය පිළිබ‍්ද තිබෙන නොදැනුවත්කම නිසා අනවශ්‍ය දේටත් නඩු දමා නීතිපතිතුමාගේත් අධිකරණයේත් කාලය නිකරැනේ නාස්ති කරනවා. එම නිසා රජය පරදින සෑම නඩුවකම වියදම ඒ ඒ වරදවල් සිදුකර තිබෙන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපෙන් අඩු කරගත යුතු යයි යෝජනා කරනවා.

:       5       32

සියබලාන්ඩුවා Saturday, 25 January 2025 04:25 PM

වර්තමාන ආණ්ඩුවේ වගේ එළකිරි වැඩ්ඩෝ ඉන්න ඇතිනේ?

:       7       36

dingi Saturday, 25 January 2025 07:18 PM

නඩු අහන්නේ, ගොනු කරන්නේ කිසිම ප්‍රමුඛතා අනුපිළිවෙළ නෙමෙයිද? ඕනෙම හොරෙකුට, මිනීමරුවෙකුට නීතියෙන් බේරෙන්න කරන්න තියෙන්නේ, ඊට වඩා සුළු වරදක් අලුතෙන් කරන එක නේද?

:       0       35

ගමේ එකාලා Saturday, 25 January 2025 07:26 PM

දූෂිත දේශපාලුවන්ට කඩේ ගිය අය වෙන්න ඇති.

:       29       7

Nishan Sunday, 26 January 2025 05:54 AM

2015 යහපාලන ආණ්ඩුව කාලේ අද මේ ආණ්ඩුවේ ඉන්න නායකයෝ යටතේ ක්‍රියාත්මක වුණු දූෂණ විරෝධී කමිටුව හරහා යෝෂිතව, නාමල්ව, බැසිල්ව අත්අඩංගුවට ගත්තා. රිමාන්ඩ් එකටත් යැව්වා. ඒත් අවසානෙදි සාක්ෂි නෑ කියලා නිදහස් වුණා. එදා නැති වුණු සාක්ෂි දැන් ලැබිලාද? පොරොන්දු ඉටු කරන්න බැරිවෙනකොට මේ වගේ නාට්‍ය රඟ දක්වනවා.

:       0       2

pj Sunday, 26 January 2025 11:17 AM

කෙහෙල්කැන වැට පැන්නා....නඩු ඔක්කොම පේල්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site