IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ධීවර සංස්ථාවට වැලි කණින යන්ත්‍රයක්

(අංජුල මහික වීරරත්න)

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අදාළ අත්‍යවශ්‍ය නඩත්තු හා සංවර්ධන කටයුතු සඳහා ඩ්‍රෙජරයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති පිරිවැය - ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු කරනු ලැබ ඇත.

එම සංස්ථාව විසින් වාර්ෂිකව ඝණ මීටර 183,000 ක් පමණ වැලි කැණීම් සිදු කළ යුතුව ඇති අතර, ඒ සඳහා පෞද්ගලික අංශය වෙතින් අදාළ සේවාවන් ලබා ගැනීමේදී රුපියල් මිලියන 500ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන බැවින් එම සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිලදී ගැනීම දිගු කාලීනව ආර්ථීකමය වශයෙන් ඵලදායී බව තහවුරු වී ඇත. 

එසේම, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කලපු සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහන යටතේ ආරුගම්බේ, නන්දිකඩාල්, නයාරු, ලංකා පටුන වැනි කලපු වල සිදු කිරීමට නියමිත කැණීම් කටයුතු සඳහා ද එලෙස මිල දී ගනු ලබන ඩ්‍රෙජරය යොදා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිල දී ගැනීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ධීවර සංස්ථාවට වැලි කණින යන්ත්‍රයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 702 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17877 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site