
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධි සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
එබැවින් මරණ දඩුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙමින් ජනාධිපතිවරයා කළ නියෝගය බලරහිත කරන්නැයි ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.
වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයා , අධිකරණ ඇමති අලි සබ්රි , නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තිය සමිති පිලිබද උපදේශක ලෙස කටයුතු කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කළ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල මඩුල්ලේ තුනෙන් දෙක බහුතරයෙන් වගඋත්තරකාර දුමින්ද සිල්වාට මරණ දඩුවම නියම කළ බවත් , පසුව එම මරණ දඩුවම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව තහවුරු කර තිබියදී ඉකුත් ජුනි 24 වැනිදා ජනාධිපති සමාව යටතේ වගඋත්තරකරු නිදහස් කළ බවය.
එලෙස ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව බවද පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සමේ සදහන් කර ඇත.
එලෙස වගඋත්තරකාර දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ මුදා හැරීම ව්‍යවස්ථා විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසද , එම ජනාධිපති සමාව ලබා දුන් නියෝග බලරහිත කරන ලෙසද , වගඋත්තරකාර දුමින්ද සිල්වාට සමාව ලබා දීමට අදාළ ලේඛන අධිකරණයට කැදවා විභාගයක් පවත්වන ලෙසද පෙත්සම්කාරිය සිය මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.
COMMENTS
වට්ටි අම්මලා කොහොමත් පෙත්සම් ගහන්න දක්ෂයි.
විකාර කරන්නේ නැතිව ඉන්න හිරුණිකා.
මේවාට තමයි කියන්නේ බොරු රඟපෑම් කියලා... නිදහස් කිරීම සාධාරණද, නැතිද නෙවෙයි ක්‍රියා දාමය නීත්‍යානුකූලයි.
දැන් වැඩක් නැහැ. හිරුණිකා උසාවි ගිහිල්ලා... දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
තරාදිය ජනාධිපති පාර්ශවයෙන් වැඩි බරක් පෙන්වනවා. පෙත්සම වැඩක් වෙයිද?
ගම්මන්පිල මහතාට දෝෂාභියෝගය ගෙනාවා වගේ. මේ මිනිසුන්ට තියෙන්නේම පෞද්ගලික ප්‍රශ්න. රට ගැන පුවතින් පොදු ප්‍රශ්නගැන මොවුන් දන්නේම නෑ..
විධායකය හා අධිකරණය අතර ඇතිවෙන බලවත් ගැටළු සහගත උද්වේගකර අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. ඒ කෙසේ වෙතත්, විධායකය වේවා නැතා නිශ්චිත නීති රාමුවට පිටින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇත්නම්, පවතින වර්තමාන වාතාවරණය සිතනවාට වඩා වෙනස් වේ යැයි උපකල්පනය කළ හැකිය. මෛත්‍රිපාල ජනපති හිතුමතේ පත්කළ හොර ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය නීතිවිරෝධී බවත්, මෛත්‍රීපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවත්, අධිකරණය තීන්දු කළ හැටි කාටත් මතකයි. ගරු අධිකරණය විසින් මෙහිදීද, ඉතාමත් සාධාරණ තීන්දුවක් දේ යයි අපි දෑස් දල්වා බලා සිටිමු.
අපිත් බලන් ඉන්නේ උසාවිය මොකක්ද ගන්න තීරණය කියන එක...
කවදා හෝ ස්වාභාවික දඬුවම් විඳින්න වෙනවා. ඒ වනතුරු ඉවසන්න. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව එදා බලයට ආපු ඔබ නියෝජනය කළ ආණ්ඩුව, එදා මේ විධායක ධුරය අහෝසි කළා නම්, අද ඔබට සහ රටට මේ ඉරණම වෙන්නේ නැහැ. මොන පනත ගෙනාවත් තමන් බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. 19 වැනි සංශෝධනයෙන් රනිල් රහසිගතව තමාගේ අතට බලය ගත්ත සහ අපරාධකරුවන්ට දඬුවම් දෙන බව 2015 දී බලයට ආපු රනිල්ගේ ආණ්ඩුවේ ද්‍රෝහීකම නිසා අද රටට මේ ඉරණම වෙලා තියන්නේ...
අශිෂ්ඨ, අවිනීත, ගෝත්‍රික, මිලේච්ඡයින් බහුතරයක් වෙසෙන රටක මිනීමැරුමක් කියන්නේ වීර ක්‍රියාවක්නේ... ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබිය යුතු ගෞරවාන්විත ක්‍රියාවක්... අපේ රටේ වියත් මගේ උගතුන්, ගරුතර ස්වාමීන් වහන්සේලාත් සද්ද නැතිව ඉන්නේ ඒ නිසානේ... මෙන්න මමත් ජයවේවා කියලා කිව්වා. අපේ සත් ගුණවත් දුමින්ද සිල්වා ශ්‍රීමතාණන්ට...!!
කරපු දේවල් දන්නේ නැහැ වගේනේ ඉන්නේ. තාත්තලා, දුවලා ඔක්කොම එකවගේ...
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, ප්‍රතිඵල දැනදැනම මේ වගේ නිරර්ථක කරුණු අභියාචනය කරනවාට වඩා කාන්තාවක් විදියට අර මන්ත්‍රී නිවසේ මරණයට පත් වූ ළාබාල මෙහෙකාර දැරිවියට සාධාරණයක් ඉල්ලා හඬක් නැගීම නේද රටට හා ජනතාවට වැඩදායි වෙන්නේ...?
කමෙන්ට් විදිහට මෝඩ උද්දච්ච කතා නොදමන්න... දුවෙකුට විතරයි තාත්තගේ අගය තියෙන්නේ.
මෙයත් හරි ෂෝක් නේ. අර දෙමටගොඩ ළමයෙක්ව පාතාලයේ අය දාලා උස්සපු වගේ වැඩ වලින් බේරිලා පිරිසිදු නීති සරණ පතනවා
මමත් කොලොන්නාවේ මම දන්නවා භාරතව. මෙයා කොළොන්නාව ටවුන් එකේ තැඹිලි වික්ක අහිංසක වෙළෙන්දෙක්. මුළු කොලොන්නාවම දන්නවා අහිංසක වෙළෙන්දා ගැන...
හිටපු ජනපති, ඉන්න ජනපති දෙන්නම රටේ ජනතාවට කොකා පෙන්නලා තියෙන්නේ. මේ අයට ස්වභාවධර්මයෙන්ම විපාක විඳින්න සිදුවනවාමයි...!
මේ නෝනට නේද අර එකසැරයක් පැත්ත මාරු වුණු අකරතැබ්බයකට මුහුණ පාන්න සිද්ද වුණේ...?
මෙවන් නීති, විරෝධී ජනතා විරෝධී, ස්වභාවික යුක්තියට එරෙහිව කටයුතු කරන පාලකයින්ට සාප වෙනවා...
ඔය ප්‍රශ්නය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළොත් සාධාරණයක් වේවි..!!!
ගැහැණියක් යුක්තිය ඉල්ලා සටන් කරනවිට පිරිමි හැසිරෙන ආකාරය පැහැදිලිව පෙනේ, මෙහෙමත් රටක්...?
දෝණියන්දෑ පැහැරගෙන ගියේ බන්ධුලවත්දැයි සැකයි.
කොළපාට කණ්ණාඩියට අංගුලිමාල නැවතත් අහිංසක ලෙස පෙනෙනවා. ඒකත් වහල් බවක්...
විතාන මහතා, මහත්මිය, මෙනෙවිය, හිරුණිකා දේශපාලනයට ආවේ කොළොන්නාව ආසනයෙන්... එහේ ජනතාවට කිසිම දෙයක් නොකර මගඇරලා අප්‍රසාදයට ලක්වූ නිසා තමයි රත්මලානට මාරුකරේ... ඒකවත් දන්නේ නැද්ද? කොලොන්නාව ආසනයෙන් හොයලා බලන්නකෝ...!
සුපිරියි...!!!