IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි

( මහින්ද  නිශ්ශංක )

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගෙන ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් පසුගිය 18 දා සිට කොටුව හා මහනුවර අතර විශේෂ දුම්රිය ගමන් වාර හයක් ක්‍රියාත්මක කෙරුණු අතර එම විශේෂ දුම්රිය ලබන 28 දක්වා ක්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබුණි.



අදහස් (2)

දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි

මහසෙන් Thursday, 24 April 2025 11:44 AM

දුම්රිය පමණක් නොවේ සියලුම වාහන නුවර ඇතුලුවෙන එක තහනම් කරලා ඇදිරි නීතීය දැම්ම නම් හරි. මුල ඉදලම කටින් හාගෙන මිනිස්සුන්ට එන්න කියලා කිසිම සැලසුමක් නැතුව ගොබ්බ කතා කියලා දැන් කෝච්චි නවත්වනවා. ගිය මිනිස්සු එන්නේ පයින් වෙන්න ඇති. කයිවාරුව රෙද්ද පල්ලෙන් බේරෙනවා. නුවර මිනිස්සු හෙන ඉල්ලනවා. දළදා වහන්සේ බලන්න ගිය මිනිස්සු අනාථ වෙලා. ක්ලීන් ශ්‍රී ලංකාවලට ඉස්සර ක්ලීන් මහනුවර කරහල්ලා. මුන්ගේ වැඩ තාම විපක්ෂයේ ඉන්නවා කියලා හිතලා.

:       2       3

ගුණරත්න Thursday, 24 April 2025 02:39 PM

ආණ්ඩුවේ නොසැලකිලිමත්කම, නොහැකියාව නිසා මරණයක් එහෙමත් සිදුවුණා. ලක්ෂ ගාණක් වන්දනාකරුවන් අපහසුතාවයට පත්වුණා... ඉදිරි මැතිවරණයේ වාසි බලාගෙන ඡන්ද කඩාගන්න ආගමට මුවාවී කළ මේ දෙය නිසා මහනුවර නගර සභාව මාලිමාවට දිනාගන්න ලැබෙන්නේ නැහැ...

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site