IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දිස්ත්‍රික්ක හතරකට වැස්සෙන් පීඩා

(නිමල කොඩිතුවක්කු)

ආපදා තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක පවුල් 187 කට අයත් පුද්ගළයින් 685 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙයට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල සහ හලාවත ප්‍රදේශවල දියේ ගිලීමෙන් පුද්ගළයින් සිවු දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් මන්නාරම දිස්ත්‍රික්කයට බලපා ඇති අතර එහි පවුල් 123 ක පවුල් 460 ක් පීඩාවට පත්ව සිටිති.

ත්‍රිකුණාමලය, පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්ක වලටද ඉන් බලපෑම් එල්ල වී ඇති බවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් නිවාස 177 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක හතරකට වැස්සෙන් පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site