
(අංජුල මහික වීරරත්න)
මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව කීවේ සෙලෝජන් ලංකා (පුද්) සමාගම (Celogen Lanka (pvt) Ltd) මගින් අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හදුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම කාර්යය සිදුවිය.
සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ සභාපති වී. නඩරාජා මහතා විසින් එම ඖෂධ තොගය සංකේතාත්මකව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට හදුන්වා දීම මෙහිදී සිදු විය.
හෘද රෝගීන් සදහා භාවිතා කරන මෙම ඖෂධ තොගය පේරු රාජ්‍ය සදහා අපනයනය කිරීමට සෙලෝජන් ලංකා (පුද්) සමාගම සැලසුම් කර ඇත. එම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 45 කි.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ භාවිතය සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ නිෂ්පාදනය කර අඛණ්ඩව සෞඛ්‍ය අමාත්‍යාංශයට ද, එමෙන් ම විදේශයන්ට ද, සැපයීමට කටයුතු කරන අතර ම පෞද්ගලික ඖෂධ ශාලාවලින් ඖෂධ මිල දී ගන්නා මෙරට ජනතාවට ද ඒ අයුරින් ම ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබා දීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී ඖෂධ නිෂ්පාදන සමාගම්වලින් විශේෂ ඉල්ලීමක් ද කළේ ය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශීය ඖෂධ නිෂ්පාදකයාට උපරිම හයිය දෙනවා
පැණි දම්මි Sunday, 01 June 2025 04:17 PM
ඒක නං අපූරු ප්‍රවෘත්තියක්. එහෙනම් කොරෝනත් ළඟ ළඟම එන එකේ මං හිමිහිට පොඩි පැණියක් හදන්න ගන්නද මහත්තයෝ...?
මාලිමාගැත්තා Sunday, 01 June 2025 04:37 PM
ආපේ ආණ්ඩුව (ආප්පේ කියා නොකියවන්න) එහෙම තමයි. සීනි, තේ, කර්මාන්ත ශාලා වැහුණාට කමක් නෑ. ඇඟලුම් එව්වත් වැහිද්දෙන්. බෙහෙත් හදන්න ෆූල් සහයෝගය. තඩි බදු අඩු කරලා, විදුලිබිල අඩු කරලා නිෂ්පාදන පිරිවැය අඩු කරන්නයි හදන්නේ... ඊට අමතරව උගණ්ඩාවේ හංගපු සල්ලිත්, ඉතාලියේ ඉන්න මාලිමා අය එවන ඩොලර් කෝටි ගණනුයි ආයෝජන සඳහා යොදනවා. කටෙන් හිටෙව්වත් මොකද බතල කොලේ පැළවෙනවා නම්...!
රුවන් Monday, 02 June 2025 01:42 PM
අයර්ලන්තය වගේ කුඩා රටක් ඖෂධ නිෂ්පාදන අතින් පතාක යෝධයෙක් වුනේ කොහොමද අවුරුදු 20න්. 2024 ඩොලර් බිලියන 100කට වැඩියි අයර්ලන්තයේ ඖෂධ කර්මාන්තය ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 80-85යි තිබ්බේ. බැරි නෑ. දුෂණය 0% නම් හොද අවස්ථාවක් මේක. කජු සියාගේ 2050 ඩොලර් ට්‍රිලියන සංකල්පයෙත් මෙක තියෙනවා.
Tiran Monday, 02 June 2025 06:12 PM
දේශීය ඖෂධ නිශ්පාදනය පටන් ගත්තේ ගෝඨාගේ කාලේ ඡන්න ජයසුමන මහත්තයා. ඔබලා ඒ කාලෙත් හොරු කියලා ඒ මිනිස්සුන්ව එළවා ගත්තා. දැන් ඖෂධ කියලා හදන්න වෙන්නේ පස් පංගුව තමයි...