IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දේශබන්දුගේ රිට් පෙත්සමට 12 කරුණු දක්වන්න කියයි

(මනෝප්‍රිය ගුණසේකර)

තමන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ගොනු කළ ‘රිට් පෙත්සම’ කරුණු තහවුරු කිරීම සඳහා 12 වැනි දා කැදවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.

සුදුවෑන් රථයකින් පැමිණී නාදුණන පිරසක් 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ ‘ඩබ්ලිව් 15’ හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මියයෑමේ සිද්ධියට අදාළව පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් අනතුරුව මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුවට අනුව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමේ ආසන්න තත්ත්වයක් මතුවී ඇති හෙයින් එය වැළැක්වීම සඳහා කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ සැළකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය අදාළ නියෝගය නිකුත් කළේය.

 



අදහස් (1)

දේශබන්දුගේ රිට් පෙත්සමට 12 කරුණු දක්වන්න කියයි

Asela Monday, 10 March 2025 09:12 PM

ජීවන වියදම ඉහළ යාම, ලෝක මට්ටමින් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම, චිකාගෝ වර්ගයේ වෙඩි තැබීම් ඉහළයාම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා නාට්‍ය නිර්මාණය කර ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවලට වැරැදිකරුවන් පත් කිරීම නිසා අනෙක් අය සමඟ ඇති බව කියන ගැටළු විමර්ශනය කිරීමට මෙම පාලනයට සදාචාරාත්මක අයිතියක් නැත. රටේ ආර්ථිකය නංවාලීමට පාලන තන්ත්‍රය කිසිවක් නොකරන අතර පෙර පාලනය විසින් පත් කරන ලද නිලධාරීන්ට දඬුවම් කිරීම සහ පළිගැනීම සඳහා කාලය නාස්ති කරයි. පාලන තන්ත්‍රයේ මුළු උත්සාහයම මෙම සිදුවීම් සුදු හුණු ගෑමෙන් ඔවුන්ගේ නිරුවත වසා ගැනීමයි. රාජපක්ෂ හෝ රනිල් හෝ වෙනත් දේශපාලනඥයින් නොමැතිව, මෙම නිෂ්ඵල පාලනය කිසිඳු සංවර්ධනයක් නොමැතිව කාලය ගත කරයි. මහින්ද තම පාලනය යටතේ බොහෝ සංවර්ධනයක් කළේය. මෙම වැඩකට නැති දේශපාලනඥයින්ට විශාල ව්‍යාපෘති තබා සුළු දෙයක්වත් කළ නොහැකිය. අවසානයේ මේ දක්වා සොරුන් අල්ලාගෙන නැත. උගන්ඩාවේ මුදල් කොහේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site