IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දරුවන්ට පූර්ණ ළමා ලොවක්- වැඩිහිටියන්ට ගෞරවනීය සමාජයක්

(අංජුල මහික වීරරත්න)

දරුවන්ට පරිපූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවනීය සමාජ ජීවිතයක් ගත කිරීමට අවැසි "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ළමා සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.

අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනනට " යන්න තේමා කර ගනිමින් සමරන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ලෙස සුබපැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි. රටක ජීවය වන්නේ දරුවන් ය. ඔවුන්‍ට පරිපූර්ණ ළමා ලෝකයක් ගොඩනැගීම අපේ කාර්‍යභාරයයි.

ජනගහනයෙන් 31% කට ආසන්න ළමා පරපුරක් හිමි රටක් ලෙස දරුවන් වෙනුවෙන් වූ සුවිශේෂී වගකීමක් රජය වෙත පැවරී තිබේ. එකී වගකීම මැනවින් අවබෝධ කරගත් අප රජය " සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්" වෙනුවෙන් දරුවන්ගේ සුරක්ෂාවට අවැසි දේ සමීප කරමින් ළමයින්ගේ ළමා කාලය ඔවුන්ට ලබා දීමට කැපවී සිටින්නෙමු.

දරුවන් කුමන පසුබිමක, කුමන තත්ත්වයක් යටතේ ජීවත් වුව ද "සියලුම දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් " කිසිඳු දරුවකු අත නොහැර, ආර්ථික, සමාජයීය සහ මානසිකව සුරක්ෂිත මෙන්ම දරුවන්ට හිතකාමී පරිසරයක ජීවත් වීමේ අවස්ථාව උදාකර දෙමින් ඔවුන් දැනුමෙන් පරිපූර්ණ කිරීමේ කාර්යය රජය දැනටමත් ආරම්භ කර ඇත්තෙමු.

නිදහස් හා සාමකාමී පරිසරයක ජීවත් වන සහකම්පනයෙන් පිරි දරුවකු බිහි කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුවයි. එහිදී ළමා ශ්‍රම සුරාකෑම, ළමා හිංසනය, අහිතකර පීඩනය, ආතතිය නැති කිරීම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද අවධාරණය කරමි. අදට යෙදෙන ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් සියලු වැඩිහිටි ප්‍රජාවට නීරෝගී සුවය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි. අපේ රටේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ආරක්ෂාව , මානසික යහපැවැත්ම සහ සෞඛ්‍ය පිළිබඳව වග වෙමින් ඔවුනට ගෞරවනීය සමාජ ජීවිතයක් ගත කිරීම උදෙසා අවශ්‍ය වටපිටාව රජය ගොඩනගමින් සිටින බව මම සිහිපත් කරමි. වැඩිහිටියන්ගේ ආර්ථික සුරක්ෂාව මෙන්ම ඔවුන් රැකබලාගැනීමේ කටයුතු සිදුකරන දරුවන් සහ ආයතන වෙත ශක්තියක් වීම මෙන්ම රැකවරණය අවැසි වැඩිහිටියන් වෙනුවෙන් රැකවරණ සැපයීමේ වගකීම වෙනුවෙන් මූලික වීම රජය ලෙස අපගේ වගකීමයි.

 



අදහස් (2)

දරුවන්ට පූර්ණ ළමා ලොවක්- වැඩිහිටියන්ට ගෞරවනීය සමාජයක්

Sanjeewa Dias Wednesday, 01 October 2025 10:35 AM

මේවා නිකන් slogan විතරයි.හැම දේශපාලුවම එම දිනට කරන ප්‍රකාශ විතරයි

:       0       4

Prabath Wednesday, 01 October 2025 04:03 PM

නව පාසල් සහ සමාජ ප්‍රතිසංස්කරණ වලින් පූර්ණ ළමා ලෝකය විකෘති වී වැඩිහිටි සමාජය හිරගෙදරට යවයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site