
( චන්ද්‍රසේන ගමගේ)
පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ සිට පැමිණ තංගල්ල වෙරළ තීරයේ රැල්ල පාගමින් සිටි අවුරුදු හයක දැරියක් මුහුදට ගසාගෙන ගොස් මිය ගිය තිබුණු බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රී කපුහෙන්වල පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇති මව පියා හා ඔවුන් ගේ දරුවන් තිදෙනා අද පෙරවරුවේදී වෙරළ තීරයේ ඇවිදිමින් සිටින අතර තුරුදී මෙම දැරිය මුහුදට ගසාගෙන ගොස් තිබේ.
සංචාරක හෝටලය විසින් පොලීසිය දැනම්වත් කිරීමෙන් අනතුරුව නාවික හමුදා කිමිදුම් කරුවන් පැමිණ මිය ගිය දැරියගේ සිරුර ගොඩ ගෙන තංගල්ල මූලික රෝහලට බාර දී තිබුණි. මුහුදේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ දිනිත්මා නෙතුලි කරන්නාගොඩ ලියනගේ නම් දැරියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd