IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


දියවන්නාවම කළු වෙයි


(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුව අවට  දියවන්නා ඔය කළු පැහැවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

දියවන්නාවට ඉහළ ප්‍රදේශවල ජනතාව බැහැර කරන අපද්‍රව්‍ය සහ වාහනවලට  සේවා සපයන ආයතන වලින් විශාල වශයෙන්  බැහැර කරන කළුතෙල් මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව පරිසර අංශ  නිලධාරීහු සඳහන් කරති.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ පින්නියර  කලාපය  අවට දියවන්නාවේ ජලය මේ වනවිට  බෙහෙවින්ම කළු පැහැ ගැන්වී ඇත.  මාදිවෙල ඇළ මාර්ගය ඔස්සේ පැමිණෙන අප ජලය හේතුවෙන්  මෙම තත්වය උදාවී  ඇති බව පරිසරවේදීහු සඳහන් කරති. මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් වැඩි ඈතක නොගොස් මුළු දියවන්නාවම කළු පැහැගැන්වීමේ අවදානමක් පවතින බව  ඔවුහු පෙන්වා දෙති.

මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ දී පැවැත්විණ. මේ අනුව දියවන්නාවට අපද්‍රව්‍ය සහ  කළු තෙල් බැහැර කරන පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දුන් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. මෙම සාකච්ඡාවට පොලිසියේ නිලධාරීහු පිරිසක්ද  පරිසර බලධාරීහු කණ්ඩායමක්ද සහභාගි වූහ.

 



 

 



අදහස් (6)

දියවන්නාවම කළු වෙයි

Perakum Liyanagama Sunday, 20 July 2025 01:40 PM

නීති තිබුණාට මෙතෙක් කල් ඒවා දේශපාලු බලයෙන් යටපත් කරගෙන හිටියාට ඉස්සරහට ඒවා බැරිවෙයි වගේ. අපේ සුබ පැතුම්...

:       5       21

මාලිමාගැත්තා Sunday, 20 July 2025 02:23 PM

මං හිතුවේ පච දියවෙලා කියලා...

:       15       12

Gamunu Sunday, 20 July 2025 04:22 PM

පච සංයුතියේ වෙනසක්...

:       11       8

රුවන් Sunday, 20 July 2025 11:48 PM

JR ඔතන පාර්ලිමේන්තුව හැදුවේ නැත්තං අද කොච්චර පිරිසිදු පරිසරයක් ද?

:       3       1

Mahinda Monday, 21 July 2025 11:00 PM

රටේම නීති සම්පාදනය කරන තැනටත් නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බැහැර කරනවා නමි එමෙන්ම ඒවා නැවැත්වීමට තරම් හැකියාවක් රජයට නොමැති නම් හිතාගන්න පුළුවන් ඒ කොතරම් දුර්වල රාජ්‍යයක් ද කියලා.

:       0       0

NimeshWednesday, 13 August 2025 12:10 AM

මිනිස්සු නීතිගරුක වෙන්න ඕනි නැද්ද ඔක්කොම බලෙන් කියල දෙන්න ඕනිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site