
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා කැබිනට් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
අදාල ක්‍රීඩා සංකීර්ණය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කර ඇති බවත් ඒ හෙයින් පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව එම ක්‍රීඩා සංකීරණය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බැවින් කිසිදු ආයෝජකයෙකු මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට මුදල් ආයෝජන නොකරන බැවින් එම නම ඉවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් ඒ පිළිබදව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බවත් කර තිබෙන වැඩ නම් මහින්ද රාජපක්ෂ නමට ගැලපෙන උවත් ඒ වැඩ රටට හෝ ජාත්‍යන්තරයට නොගැලපෙන බවත් අමාත්‍යවරයා වැඩි දුටත් පැවසීය.
මෙයට වසර ගණනාවකට පෙර ක්‍රීඩා සංකීරණයට ගෙනැවිත් දමා තිබූ බහාලුමක තිබී මිලියන ගණනක් වටිනා ජෙනරේටරයක් හමු වූ බවත් මෙම ක්‍රීඩා සංකීර්ණයෙහි ඊට අයත් භාණ්ඩ පිළිබදව දත්ත ඇතුලත් ඉන්වෙන්ට්‍රියක් නොැමැති බවත් යෙදූ මුදල් පිලිබදව තොරතුරක් නොමැති බවත් ඒ පිලිබදව ද පරීක්ෂණයක් ආරම්භ කල බවත් ක්‍රීඩා සහ තරුණ කටයුතු පිලිබද කැබිනට් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අනාවරණය කරන ලදී .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම රාජ්‍ය ආයතන වලින් දේශපාලකයින්ගේ නම් ඉවත් කළයුතුයි. ඒවා හදලා තියෙන්නේ මහජනතාවට අයත් ඉඩම්වල සහ මහජනයාගේ බදු මුදල් වලින් රට බංකොළොත් කරපු අයගේ නම් මොකට දානවද?
සුනිල් මහත්තයෝ, ඒවා නම් බලු වැඩ... මාලිමා කාරයෙක්ගේ නම එහෙම තියන්න...
රාජපක්ෂ නමත් එක්ක පුදුම වෛරයක් තියෙන්නේ මොවුන්ට...!
මහින්දගේ සල්ලිවලින් කරලා තියෙනවා නම් නම ඉවත් කරන්න එපා. අපි හිතන්නේ මත්තලත්, එයාගේ පුද්ගලික සල්ලි දාලා තමයි කෙරුවේ.. මහින්ද නම කියන්නේ ජාතියට සම්පතක්...
බොහෝම හොඳ වැඩක්. මහජන මුදල් භාවිතා කර ඉදිකරන ලද අනික් සෑම ගොඩනැගිලි, ව්‍යාපෘති ක්‍රීඩාංගණ ආදියට, දේශපාලකයෝ තමන්ගේ නම් දමා තිබේ නම් ඒවා ඉවත් කරන්න. මහජන මුදලින් තැනූ දේවලට තමන්ගේ නම දමාගැනීම ලැජ්ජා සහගතයි..
ඒ නම ඉවත්කරලා ලලිත් කොතලාවලගේ නම අලුතින් දාන්න. ඔය ඉඩම දුන්නේ ලලිත් කොතලාවල...
තම පුද්ගලික මුදලින් කොටසක් හෝ වැයකර ඉදිකරන ලද පොදු දේපළක් නොවේ නම් එම ස්ථානවලින් දේශපාලකයින්ගේ නම් ඉවත් කිරීම ඉතාමත් කාලෝචිතයි...
ඕක විතරක් නෙවෙයි... රටේ මහජන මුදලින් කළ සියලු දේ පාලම්, බෝක්කු සහ අනිකුත් දේවලින් සියලු දේශපාලකයින්ගේ නම් ඉවත් කරන්න. නම තියාගැනීමට නම් එම වටිනාකම පුද්ගලික මුදලින් ගෙවන්න කියන්න.
නම් වලට විතරක් වෛර කරලා වැඩක් නෑ. කියපු හොරකම් රටටම ඔප්පු කිරීමත්, එවන් නායකයෙකු රටට කළවැඩ කන්දරාව අවතක්සේරු නොකිරීමටත් මේ සුහුඹුල් අය වගබලාගත යුතුයි. මුඛය පමණක් රටට අවශ්‍ය නැත.
රටේ හැමතැනකම තියෙන (පාසල් වල, වරායන්වල, ගුවන් තොටුපළවල්වල, මාර්ග වල, ආදී) දේශපාලුවන්ගේ නම් ඉවත්කළ යුතුයි. මේ සැම දෙයක්ම රටේ ජනතාවගේ බදුමුදලින් හදපුවා මිසක්, දේශපාලුවන්ගේ පුද්ගලික ධනයෙන් හදපුවා නෙමෙයි. එහෙම කාගේ හරි නම ගහගන්න ඕනෑම නම්, ඒ අයගේ පුද්ගලික ධනයෙන් හදපුදෙන්... එහෙම නැත්නම් හදන්න ගිය වියදම රජයට ගෙවලා, නිසි ක්‍රමවේදයකට අනුව නම ගහගත්තාවේ...
මහා පරිමාණ හොරකමක් කොතැනද? එතැන අනිවාර්යෙන් රාජපක්ෂ නමක් ගෑවිලා ඇති...!
කාලෝචිත තීරණයක් කියන්න පුළුවන්... මහින්ද මුලින්ම මන්ත්‍රී වුනේ 1970 අවුරුද්දේ සමගි පෙරමුණ ආණ්ඩුව සමගයි. ඉතින් එම කාලයේ අගමැතිණිය සෑම එකකටම බණ්ඩාරනායක නම යෙදුවා. ඒ කාලයේ ළදරු මන්ත්‍රී ඒක දැකලා බලය ලැබුණාම ඒකම කළා. එම තත්වය 1977 මැතිවරණ වෙලාවේ දැඩිසේ දෝෂ දර්ශනයට ලක්වුණා. 1977 පත්වූ රජයේ සමහර දෙනෙක් අහවලාගේ කාලයේ ලබාදුන් ගොඩනැගිල්ල ලෙස නාම පුවරු යෙදුවත් 1994 පත්වූ රජයේ මන්ත්‍රී වාසුදේව වගේ අය ඒවා මැකෙව්වා... ඒත් මහින්ද ඔහුගේ නම යෙදීමට හ්ම් කිව්වේවත් නැහැ. ඇත්තෙන්ම හනිවරය යොදා තියෙන අයගේ නම ඉවත්කරන්න කවුරු හෝ කෙනෙක් අකැමැති නම් අදාල... ගොඩනැගිල්ලේ හෝ ආයතනයේ හෝ මාර්ගයේ නම තිබෙන කෙනාගෙන් හෝ නමේ උරුමක්කාරයන්ගෙන් වාර්ෂිකව බද්දක් අයකිරීම හොඳයි... (රවි හදපු මන්දිර බද්ද වගේම එකක්)...
ඒක වැරදි වැඩක්. එතුමා තමන්ගෙ දහඩිය මහන්සියෙන්, බොහෝම අමාරුවෙන් හම්බකරපු මුදල්වලින් තමයි මේක හැදුවේ. ලොකු ණයකුත් ගත්ත වගේ මතකයි ඉවර කරන්න - රට නෙවේ, ග්‍රවුන්ඩ් එක.
හලෝ ඇමතිතුමා, මිස්ටර්, හරි දැන් ඔයා කිව්වනේ නම ඉවත් කරනවා කියලා. දැන් ඉතින් ඔය ගොල්ලන්ගේ මේ ටික කාලෙට කොරනවා කියල අනා ගත්ත අනික් වැඩ වගේ ඔය වැඩෙත් පරක්කු කරලා ඊට පස්සේ අනාගෙන කිච වෙලා පීචං වෙන්න එපා.
රටේ හාල් පොල් සහ අනිකුත් සුළු සුළු ආර්ථික ප්‍රශ්න වගේද මේ අතිශයින් බරපතල නාම පුවරු ප්‍රශ්නය නේද?
ඔය ක්‍රීඩා පිටියට ඉන්වෙන්ට්‍රියක් නැත්නම් ඒකට වගකියන්න ඔිනේ ක්‍රීඩා පිටිය අයිති ආයතනයයි.
ආචාර්ය රන්වල කියලා දැම්මොත් නම් ආයෝජකයෝ ඒවි...
ජනතාවගේ මුදල් වලින් හදලා තමන්ගේ නම ගහන්නේ ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැති පරපුටුවන්.. වෙනස් කළ යුතුයි.
ලලිත් කොතලාවල ක්‍රිඩාංගණය ලෙස නම් කළයුතුයි...
ඔය නම කිව්වොත් සමහරක් ගිහින් ලෙවකනවා.
දූෂිත දේශපාලුවන්ගේ නම් වලින් පවත්වා ගෙන හුඟාක් දේවල් ඇති එකම රට ලන්කාව වෙන්ඩැති.
මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කළා වගේ මහින්ද රජයෙන් කළ ව්‍යාපෘති රාශියක් අනුර කුමාර ඇතුළු පිරිස ඉන් අනතුරුව බලයට ගෙනා යහපාලනයෙන් අභාවයටම යන්න සැලසුවා. ඉතින් ඒකත් මහින්දගේ වරදක්ද? එතුමා නොසිටින්නට මේ රට අදටත් ඉබි ගමනින් යන අඳුරු රාජ්‍යයක්. ඉදිකර ඇති සියලු ඉදිකිරීම් එතුමාගේ සමයේ ඉදිවූ දේවල් පමණයි.
හත්මුතු පරම්පරාවම අපේ රටේ දුගී දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් තමන්ගේ පුද්ගලික, දුක් මහන්සියෙන් උපයා ගත්, සාධාරණ ධනස්කන්ධයක් රට වෙනුවෙන් පරිත්‍යාග කරපු පවුලක නම් බොන්ඩ් ලෑලි වලින් මකා දැමීම කොතරම් අසාධාරණද? රාජපක්ෂ පවුලට සමාදානයෙන් දෑස් පියාගෙන අවසන් ගමන් යාමටවත් ඉඩ නොදෙන දුෂ්ඨ සමාජයකද අප ඉන්නේ..?
අයින් කරනවා නම් ලිස්ට් එකක්ම කියන්න පුළුවන්. පරාක්‍රම සමුද්‍රය, නිශ්ශංක ලතා මණ්ඩපය, සේනානායක සමුද්‍රය, චන්ද්‍රිකා වැව (sure නෑ), ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගනය, බේරුවල බාකීර් මාකර් ක්‍රීඩාංගනය, කොළඹ R ප්‍රේමදාස (ඛෙත්තාරාම) ක්‍රීඩාංගණය, එතකොට රණවිරු නම් දාලා හදපු පාරවල්... තිසා වැව සහ බසවක්කුලම හෙවත් අභය වැවත් කියන්න පුළුවන්...
දියගම පමණක් නොවෙයි, මේ හැතිකරේ නම් සියල්ලම ඉවත් කරන්න. රට වැනසූ කාලකන්නි
හොඳයි... ඒගොල්ලන්ගේ නම් දැක්කම අප්පිරියයි.
පැල්මඩුල්ල ඇඹිලිපිටිය පාරෙ ගොඩගම හරියේ එක්තරා පුහුනු මධ්‍යස්ථානයක් තියෙනවා. එම ඉඩම රජයට දීලා එම පුහුණු ආයතනය ආරම්බ්භ කලේ චන්ද්‍රා ගන්කන්ද කියල හිටපු එජාප මංත්‍රීවරයා වුනත් 1994 පත්වූ ආණ්ඩුවෙ කෙරුම්කාරියක් කලේ එම ආයතනය උන්දැගෙ අප්පාගේ නමින් නම් කිරීම තමයි ඒ ගැන මොකද කියන්නෙ.
පාසලකට දාලා තියන අනුරකුමාර නමත් අයින් කරන්න ඕනේ
මුන්ගේ කුහුක කමේ නම් සීමාව නැත
මැදමුලන හත්මුතු පරම්පරාවෙම "රාජපක්ෂ" නාමය නැති බොඩ් ලෑල්ලක් තියෙන්නේ මා උපන් ගමේ තිබෙන පොදු වැසිකිළියේ හෙවත් "කක්කුස්සියෙ" පමණක් බව මා ලගදී ගමෙ ගිය විට දැක්කා... ඒකෙන් නික්මෙන අති දුර්ලභ දුගඳ ගැනවත් කල්පනා කර කවුරුන් හො (ප) රාජපක්ෂ වරුන්ට උපහාර පිණිස ඉතා ඉක්මණින්ම බොඩ් ලෑල්ලක් කක්කුස්සි බිත්තියේ සවිකිරීම කාලීන අවශ්‍යතාවයක් බව මගේ ආච්චි සීයාට කියනවා මට ඇහුනා. ඊට පොඩ්ඩක් එහාට වෙන්න පොල් ගෙඩි අකුරින් ප්‍රධාන බස් නැවතුම් පොළේ ටකරං තහඩුවෙ... "චමල් රාජපක්ෂ බස් නැවතුම් පොල" කියා ලියා තිබෙනවා. සීයා කියන්නේ චමල් රාජපක්ෂගේ පෞද්ගලික ධනයෙන් සාදවා ජනතාවට දෙන්න ඇතිය කියා... දෙයියෝ දනියි...මම නොදනියි !!!_